රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.
යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්.
කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි.
ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.
ස්වභාවික නැවුම් එළවලු පලතුරු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ.
මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය.
ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.
වෙළඳපලේ කෙතරම් ලස්සන පාවහන් තිබුනත් ඔබට ඇත්තේ අවපැහැ වුන නියපොතු සහිත දෙපා යුගලක් නම් සැම විටම දෙපා වැසුනු විලාසිතා වලට පමණක් සීමා වීමට ඔබට සිදු වෙනවා. එහෙමත් නතිනම් සෑම විටම නිය ආලේපන භාවිතා කිරීමට සිදුවේවි. ඉතින් ඔබේ මුහුණට දක්වන සැලකිල්ලෙ තරමටම නියපොතු ගැනත් සැලකිල්ලක් දක්වනවානම් ඔබ විසින්ම ඔබට පනවාගෙන ඇති සීමා වලින් මිදෙන්න ඔබට හැකි වේවි.
ඉතින් මේ සරල ක්‍රම අත්හදා බලලා ලස්සන නියපෙළක උරුම්කාරියක් වෙන්න.
ඔබට ස්වභාවිකව ලැබී ඇති නියපොත්තේ හැඩය එලෙසම පවත්වා ගැනෙන ආකාරයට නියපොතු කැපීම වඩා යෝග්‍ය වෙනවා. ඒ වගේම සතියට වරක් වත් නියපොතු කපන්න අමතක කරන්න එපා. ඔබේ නියපොතු නියාමාකාරයෙන් වර්ධනය වන්නේ නැතිනම් විටමින් ඊ කරල බැගින් නියපොතු මත ආලේප කර මසාජ් කරන්න.
ඔබට ඇත්තේ ඉක්මනින් කැඩෙන නියපොතු නම් ඒ සඳහා මඳ උණුසුම් ජලය බේසමකට ජෙලටින් ස්වල්පයක් දමා විනාඩි කිහිපයක් දෙපා දමාගෙන සිටින්න.
ඒ වගේම නිය ආලේපන තෝරා ගැනීමේදී ඇසිටෝන් අඩංගු නොවන නිෂ්පාදන තෝරා ගන්න. සෑමවිටම බේස් කෝට් එක ආලේප කර ඉන් පසුව නිය ආලේපන තවරා ඊටත් පසුව ටොප් කොට් එක ආලේප කරන්න. මෙහිදී දින දෙකකට වඩා එම නිය ආලේපන නියපොතු මත නොතිබීමට සැලකිලිමත් වීම තුලින් ඔබේ නිය පෙලට සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ඔබට හැකි වේවි.
නියපොතු පිරිසිදු කරගැනීම සඳහා ඔබට එලකිරි භාවිත කල හැකියි. ඒ වගේම රාත්‍රියට නියපොතු මත කෝමරිකා ආලේප කිරීමට හැකි නම් ඒමගින් නියපොතුවල අවශ්‍ය පෝෂණය බාහිරෙන් ලබා දීමට ඔබට හැකි වේවි.
ස්වභාවයෙන් කාන්තාවන් විලාසිතාවන්ට කැමතියි, නමුත් ඔබට ඇත්තේ ඉරිතැලුණු දුර්වර්ණ වූ දෙපා යුගලක් නම් කෙතරම් ලස්සන විලාසිතා කලත් වටිනා පාවහන් යුගල් පැලදුවත් එයින් ඔබ බලාපොරොත්තු වන ලස්සන නම් ලැබෙන්නේ නෑ. ඉතින් ඔබේ මුහුණ ගැන දක්වන සැලකිල්ලෙ තරමටම දෙපා ගැනත් සැළකිල්ලක් දක්වනවානම් එය ඔබේ ආත්ම අභිමානයටත් රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා.
මේ සඳහා පළමුව ඔබේ දෙපා හොදින් පිරිසිදු කරගැනීම කල යුතුයි. නිය ආලේපන ගල්වා ඇත්නම් ඒවා ඉවත් කිරීම කලයුතුයි. සමේ රළු තැන් ඇත්නම් ඒවාද සියුම් කර ගැනීම සඳහා පියුමික් ස්ටෝන් එකක් භාවිතා කල හැකියි. නියපොතු දික්ව වැවී ඇත්නම් ඒවාද කොටට කපා ගැනීම කල යුතුයි.
ඉන් පසුව බේසමක් ගෙන මද උණුසුම් ජලය ස්වල්පයක් හා ලුණු කුඩු ස්වලපයක් දමා හොදින් කලවම් කරගන්න. දැන් හොදින් පිරිසිඳු කරගත් දෙපා එම බේසම තුලට දමා විනාඩි 10 ක් පමණ සිටින්න. ඉන් පසුව නැවත පිරිසිඳු ජලයෙන් සෝදා දෙපා තෙත මාත්තු කර ගන්න.
ඉන් පසුව දෙපා වල මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්ක්‍රබ් එකක් භාවිතා කරමු. එම ස්ක්‍රබ් එක සීනි වලට දෙහි බින්දු කිහිපයක් දැමීමෙන් වගේම මී පැණි, ඔලිව් තෙල් හා දුඹුරු සිනි මිශ්‍ර කරද පහසුවෙන්ම සකස් කරගත හැකියි.
ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව පිරිසිදු කරගත් දෙපා මතට පැක් එකක් යොදමු.
මේ සඳහා ඔබට පොල් කිරි, කහ සහ මී පැණි යොදා ගෙන මිශ්‍රණයක් සාදා ගෙන ආලේප කල හැකියි. ඒ වගේම කහ, තිරිඟු පිටි, හාල්පිටි, නැවුම් කිරි සහ දෙහි යුෂ යොදාගෙනද මිශ්‍රණයක් සාදා ගෙන එය දෙපා මත ආලේප කර විනාඩි 40 කින් සෝදා ඉවත් කර ගන්න.
මෙමගින් දෙපා වල වියලි බව හා දුර්වර්ණ බව ඉවත් වී පැහැපත්, දිදුලන බවක් ලබා ගත හැකියි.
අවසානයට මෙලෙස පිරිසිදු කරගත් දෙපා වලට සුදුසු Moisturizing Cream එකක් ආලේප කරන්න.
ඉතින් මේ ආකාරයෙන් සතියට දෙවරක් මෙම සත්කාරය කිරීම මඟින් ලස්සන දෙපා යුහල හිමිකාරියක් වීමට ඔබටත් හැකියාව ලැබේවි.
ඔබේ යටිපතුල් පැලි අවපැහැ ගැන්වී තිබෙනවානම් ඔබ කෙතරම් මුදල් වියදම් කර ලස්සන පාවහන් යුගලයන් පැලන්දත් එයින් ඔබේ දෙපයට සුන්දරත්වයක් නම් එක්වන්නේ නැහැ. මුහුණේ පැහැපත් බව පිළිබඳව සිතනවා වගේම ඔබේ දෙපාවල නිරෝගීභාවය ගැන සිතීමත් වැදගත්. ඉතින් ඔබත් පුංචි වෙලාවක් වෙන් කරගෙන මේ ගැනත් සිතා බලන්න.
මේ සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතාම වැඳගත් වෙනවා. සෑම විටම දේශීය එළවළු පලතුරු ආහාරයට ගැනීමට පුරුදු වීමත් ක්ෂණික ආහාර වලින් හැකි පමණ වැලකී සිටීමෙනුත් ඔබේ සමට ගුණාත්මක අභ්‍යන්තර පෝෂණයක් ලබා දීමට උපකාරී වෙනවා. නිතර නිතර ජලය පානය කිරීමත් අත්‍යවශ්‍යයි.
ඔබ පාදයේ නියපොතු කැපීමේදී කෙටිව strait line එකක් සේ කැපීම සිදුකළ යුතුයි. නිය ආලේපන ගල්වනවා නම් දින 3 කට වරක් වත් nail remover එකක් භාවිතා කර එය ඉවත් කර ගත යුතුයි. එහිදී Aceton අඩංගු නොවන nail remover එකක් තෝරා ගැනීමට ඔබ සිහිතබා ගත යුතුයි.
මේ සඳහා පෞද්ගලික පිරිසිදුකමත් බලපානවා. සෑමවිටම භාවිතයට ගන්නා මේස් හා සපත්තු පිරිසිදුව තබා ගත යුතුයි. ඒ වගේම සෑම විටම ඔබට ගැලැපෙන පාවහන් වර්ග පමණක් තෝරා ගන්න. එමගින්ද දෙපයට සිදුවිය හැකි හානි අවම කරගැනීමෙන් දෙපා වල නීරෝගීභාවය ආරක්ෂා කරගත හැකිවේ. දෙපා සේදීමෙන් පසු විශේෂයෙන්ම ඇගිලිකරු අතර හොදින් තෙතමාත්තු කිරීමට මතක තබා ගන්න. එමගින් ඇගිලිකරු අතර ඇතිවිය හැකි ආසාදන අවමකර ගැනීමට හැකිවේ.
සබන් වෙනුවට දෙපා සේදීමට යොදා ගන්නා දියර වර්ග භාවිතයට පුරුදු වන්න එමගින් දෙපා වේලීම අවම කරගත හැකිවේ. මසකට වරක්වත් Pedicure සත්කාරයක් ලබා දීමට හැකි නම් එමගින් දෙපයේ මැරුණු සම ඉවත් කිරීමෙන් නිරෝගී දෙපා යුගලයක් හිමිකර ගත හැකියි.
ඔබගේ විලුඹේ සම ඝනකම් බවින් වැඩි නම් එම සම ඉවත් කිරීම පිහිතුලවල් ආදිය භාවිතා නොකරන්න. ඒ සදහා Pumice stone භාවිතයට හුරු වෙන්න. එමගින් විලුඹ පැලීම වලක්වා ගන්න පුළුවන් වෙනවා. තවද ඔබගේ දෙපා වල පැලීම් දක්නට තිබෙනවානම් සහ එම පැලීම් යම් යම් අත්බෙහෙත් කිරීමෙන් සුව වෙන බවක් දක්නට නොමැති නම් ඔබ වහාම ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න දෙපාරක් සිතන්න එපා. නැතහොත් එම පැලීම් සමේ ගැඹුරට වර්ධනය වී රුධිරය වහනය වීම දක්වා තත්ත්වය හානිදායක විය හැකියි.
ඔබේ දෙපා ගැනත් සැළකිලිමත් වීමෙන් ඔබගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මේ ක්‍රම අත්හදා බලන්න. ඒමගින් ඔබට පහසුවෙන්ම සුන්දර නිරෝගිමත් දෙපා යුගලක් හිමිකර ගන්න පුළුවන් වේවි.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts