Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

පාද

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

මුළුතැන්ගෙට නැ තිවම බැරි ගොරකා වල ඇති ගුණ ගැන දැන ගනිමු.

Read More

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක්‌ උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී  වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.

                         

               ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.  දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.

තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.


ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
 

  • ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ. 
     
  • උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
     
  • වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා  තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
     
  • දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.

දෙපා ලස්සන කරන

නියපොතු ගැනත් හිතමුද

Read More
දෙපා  ලස්සන කරන

වෙළඳපලේ කෙතරම් ලස්සන පාවහන් තිබුනත් ඔබට ඇත්තේ අවපැහැ වුන නියපොතු සහිත දෙපා යුගලක් නම් සැම විටම දෙපා වැසුනු විලාසිතා වලට පමණක් සීමා වීමට ඔබට සිදු වෙනවා. එහෙමත් නතිනම් සෑම විටම නිය ආලේපන භාවිතා කිරීමට සිදුවේවි. ඉතින් ඔබේ මුහුණට දක්වන සැලකිල්ලෙ තරමටම නියපොතු ගැනත් සැලකිල්ලක් දක්වනවානම් ඔබ විසින්ම ඔබට පනවාගෙන ඇති සීමා  වලින් මිදෙන්න ඔබට හැකි වේවි.

ඉතින් මේ  සරල ක්‍රම අත්හදා බලලා ලස්සන  නියපෙළක උරුම්කාරියක් වෙන්න.

ඔබට ස්වභාවිකව ලැබී ඇති නියපොත්තේ හැඩය එලෙසම පවත්වා ගැනෙන ආකාරයට නියපොතු කැපීම වඩා යෝග්‍ය වෙනවා. ඒ වගේම සතියට වරක් වත් නියපොතු කපන්න අමතක කරන්න එපා. ඔබේ නියපොතු නියාමාකාරයෙන් වර්ධනය වන්නේ නැතිනම් විටමින් ඊ කරල බැගින් නියපොතු මත ආලේප කර මසාජ් කරන්න.

ඔබට ඇත්තේ ඉක්මනින් කැඩෙන නියපොතු නම් ඒ සඳහා මඳ උණුසුම් ජලය බේසමකට ජෙලටින් ස්වල්පයක් දමා විනාඩි කිහිපයක් දෙපා දමාගෙන සිටින්න.

ඒ වගේම නිය ආලේපන තෝරා ගැනීමේදී ඇසිටෝන් අඩංගු නොවන නිෂ්පාදන තෝරා ගන්න. සෑමවිටම බේස් කෝට් එක ආලේප කර ඉන් පසුව නිය ආලේපන තවරා ඊටත් පසුව ටොප් කොට් එක ආලේප කරන්න. මෙහිදී දින දෙකකට වඩා එම නිය ආලේපන නියපොතු මත නොතිබීමට සැලකිලිමත් වීම තුලින් ඔබේ නිය පෙලට සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ඔබට හැකි වේවි. 

නියපොතු පිරිසිදු කරගැනීම සඳහා ඔබට එලකිරි භාවිත කල හැකියි. ඒ වගේම රාත්‍රියට නියපොතු මත කෝමරිකා ආලේප කිරීමට හැකි නම් ඒමගින් නියපොතුවල අවශ්‍ය පෝෂණය බාහිරෙන්  ලබා දීමට ඔබට හැකි වේවි. 

 

 

පැළුණු දෙපා නිසා පිඩාවිදින ඔබට

පැළුණු දෙපා නිසා පිඩාවිදින ඔබට

පහසුවෙන් හදාගන්න පුළුවන් නොවරදින සත්කාරයක්

Read More

ස්වභාවයෙන් කාන්තාවන් විලාසිතාවන්ට කැමතියි, නමුත් ඔබට ඇත්තේ ඉරිතැලුණු දුර්වර්ණ  වූ දෙපා යුගලක් නම් කෙතරම් ලස්සන විලාසිතා කලත් වටිනා පාවහන් යුගල් පැලදුවත් එයින් ඔබ බලාපොරොත්තු වන ලස්සන නම් ලැබෙන්නේ නෑ. ඉතින් ඔබේ මුහුණ ගැන දක්වන සැලකිල්ලෙ තරමටම දෙපා ගැනත් සැළකිල්ලක් දක්වනවානම් එය ඔබේ ආත්ම අභිමානයටත් රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේ සඳහා පළමුව ඔබේ දෙපා හොදින් පිරිසිදු කරගැනීම කල යුතුයි. නිය ආලේපන ගල්වා ඇත්නම් ඒවා ඉවත් කිරීම කලයුතුයි. සමේ රළු තැන් ඇත්නම් ඒවාද සියුම් කර ගැනීම සඳහා පියුමික් ස්ටෝන් එකක් භාවිතා කල හැකියි. නියපොතු දික්ව වැවී ඇත්නම් ඒවාද කොටට කපා ගැනීම කල යුතුයි.

ඉන් පසුව බේසමක් ගෙන මද උණුසුම් ජලය ස්වල්පයක් හා ලුණු කුඩු ස්වලපයක් දමා හොදින් කලවම් කරගන්න. දැන් හොදින් පිරිසිඳු කරගත් දෙපා එම බේසම තුලට දමා විනාඩි 10 ක් පමණ සිටින්න. ඉන් පසුව නැවත පිරිසිඳු ජලයෙන් සෝදා දෙපා තෙත මාත්තු කර ගන්න.

ඉන් පසුව දෙපා වල මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්ක්‍රබ් එකක් භාවිතා කරමු. එම ස්ක්‍රබ් එක සීනි වලට දෙහි බින්දු කිහිපයක් දැමීමෙන් වගේම මී පැණි, ඔලිව් තෙල් හා දුඹුරු සිනි මිශ්‍ර කරද  පහසුවෙන්ම සකස් කරගත හැකියි.

ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව පිරිසිදු කරගත් දෙපා මතට පැක් එකක් යොදමු.

මේ සඳහා ඔබට පොල් කිරි, කහ සහ මී පැණි යොදා ගෙන  මිශ්‍රණයක් සාදා ගෙන ආලේප කල හැකියි. ඒ වගේම කහ, තිරිඟු පිටි, හාල්පිටි, නැවුම් කිරි සහ දෙහි යුෂ යොදාගෙනද  මිශ්‍රණයක් සාදා ගෙන එය දෙපා මත ආලේප කර විනාඩි 40 කින් සෝදා ඉවත් කර ගන්න.


මෙමගින් දෙපා වල වියලි බව හා  දුර්වර්ණ බව ඉවත් වී පැහැපත්, දිදුලන බවක් ලබා ගත හැකියි. 

අවසානයට මෙලෙස පිරිසිදු කරගත් දෙපා වලට සුදුසු 
Moisturizing Cream එකක් ආලේප කරන්න.             

ඉතින් මේ ආකාරයෙන් සතියට දෙවරක් මෙම සත්කාරය කිරීම මඟින් ලස්සන දෙපා යුහල හිමිකාරියක් වීමට ඔබටත් හැකියාව ලැබේවි. 

 

 

පාද ගැන ඔබ  සැළකිලිමත් ද?

ඔබට ඇත්තේ නීරෝගිමත් දෙපා යුගලයක් නම් එය කෙතරම් නම් අගනේද

Read More
පාද ගැන ඔබ  සැළකිලිමත් ද?

 

ඔබේ යටිපතුල් පැලි අවපැහැ ගැන්වී තිබෙනවානම් ඔබ කෙතරම් මුදල් වියදම් කර ලස්සන පාවහන් යුගලයන් පැලන්දත් එයින් ඔබේ දෙපයට සුන්දරත්වයක් නම් එක්වන්නේ නැහැ. මුහුණේ පැහැපත් බව පිළිබඳව සිතනවා වගේම ඔබේ දෙපාවල නිරෝගීභාවය ගැන සිතීමත් වැදගත්. ඉතින් ඔබත් පුංචි වෙලාවක් වෙන් කරගෙන මේ ගැනත් සිතා බලන්න.

 

මේ සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතාම වැඳගත් වෙනවා. සෑම විටම දේශීය එළවළු පලතුරු ආහාරයට ගැනීමට පුරුදු වීමත් ක්ෂණික ආහාර වලින් හැකි පමණ වැලකී සිටීමෙනුත් ඔබේ සමට ගුණාත්මක අභ්‍යන්තර පෝෂණයක් ලබා දීමට උපකාරී වෙනවා. නිතර නිතර ජලය පානය කිරීමත් අත්‍යවශ්‍යයි.   
 

ඔබ පාදයේ නියපොතු කැපීමේදී කෙටිව strait line එකක් සේ කැපීම සිදුකළ යුතුයි. නිය ආලේපන ගල්වනවා නම් දින 3 කට වරක් වත් nail remover එකක් භාවිතා කර එය ඉවත් කර ගත යුතුයි. එහිදී Aceton අඩංගු නොවන nail remover එකක් තෝරා ගැනීමට ඔබ සිහිතබා ගත යුතුයි. 

 

මේ සඳහා පෞද්ගලික පිරිසිදුකමත් බලපානවා. සෑමවිටම භාවිතයට ගන්නා මේස් හා සපත්තු පිරිසිදුව තබා ගත යුතුයි. ඒ වගේම සෑම විටම ඔබට ගැලැපෙන පාවහන් වර්ග පමණක් තෝරා ගන්න. එමගින්ද දෙපයට සිදුවිය හැකි හානි අවම කරගැනීමෙන්  දෙපා වල නීරෝගීභාවය ආරක්ෂා කරගත හැකිවේ. දෙපා සේදීමෙන් පසු විශේෂයෙන්ම ඇගිලිකරු අතර හොදින් තෙතමාත්තු කිරීමට මතක තබා ගන්න. එමගින් ඇගිලිකරු අතර ඇතිවිය හැකි ආසාදන අවමකර ගැනීමට හැකිවේ.

 

සබන් වෙනුවට දෙපා සේදීමට යොදා ගන්නා දියර වර්ග භාවිතයට පුරුදු වන්න  එමගින් දෙපා වේලීම අවම කරගත හැකිවේ. මසකට වරක්වත් Pedicure සත්කාරයක් ලබා දීමට හැකි නම් එමගින් දෙපයේ මැරුණු සම ඉවත් කිරීමෙන් නිරෝගී දෙපා යුගලයක් හිමිකර ගත හැකියි.

 

ඔබගේ විලුඹේ සම ඝනකම් බවින් වැඩි නම් එම සම ඉවත් කිරීම පිහිතුලවල් ආදිය භාවිතා නොකරන්න. ඒ සදහා Pumice stone භාවිතයට හුරු වෙන්න. එමගින් විලුඹ පැලීම වලක්වා ගන්න පුළුවන් වෙනවා. තවද ඔබගේ දෙපා වල පැලීම් දක්නට තිබෙනවානම් සහ එම පැලීම් යම් යම් අත්බෙහෙත් කිරීමෙන් සුව වෙන බවක් දක්නට නොමැති නම් ඔබ වහාම ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න දෙපාරක් සිතන්න එපා. නැතහොත් එම පැලීම් සමේ ගැඹුරට වර්ධනය වී රුධිරය වහනය වීම දක්වා තත්ත්වය හානිදායක විය හැකියි. 

 

ඔබේ දෙපා ගැනත් සැළකිලිමත් වීමෙන් ඔබගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මේ ක්‍රම අත්හදා බලන්න. ඒමගින් ඔබට පහසුවෙන්ම සුන්දර නිරෝගිමත් දෙපා යුගලක් හිමිකර ගන්න පුළුවන් වේවි. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts