අපි හැමෝම කැමතියි කිසිම බාධාවකින් තොරව හිනා වෙන්න වගේම අපිට ලැබෙන ආහාර තෝරා බේරා ගැනීමකින් තොරව කන්න හැකියාව තියෙනවනම්. හැබැයි මේ හැකියාවන් ඔබට ලැබෙන්නෙ ඔබේ දත් දෙපල වගේම විදුරුමසත් නිරෝගීව පවතිනවානම් පමණයි.
ඉතින් අපි අපේ මුහුණ ලස්සන කරගන්න මහන්සි වෙනවා වගේම මුඛ සෞඛ්‍ය රැකගන්නත් අපි අපේ වෙලාව වෙන්කරගන්න මතක තියාගන්න වෙනවා.
ඔබට පහසුවෙන් අත්හදා බලන්න පුලුවන් මේ අත්බෙහෙත් යොදා ගෙන ඔබේ මුඛ සෞඛ්‍ය රැකගන්න
අද වන විට බාල මහළු භේදයකින් තොරව වැළදෙන ලෙඩක් ලෙස මුත්‍රා රෝග දක්වන්න පුළුවන්.
වකුගඩුවල නීරෝගීතාවයට
මුත්‍රා පිරිසිදු වීමට
මුත්‍රා දැවිල්ලට
නින්දෙන් මුත්‍රා යනවාට
වියලි ඉඟුරු, අරළු සම සමව ගෙන කබලේ බැඳ කුඩුකර උතුරන වතුරට දමා හොඳින් පෙරා උදෑසන පානය කරන්න.
අද වනවිට නියපොතු දිරායාමේ රෝගය ගැහැණු පිරිමි බේදයකින් තොරව සෑදෙන සුලබ රෝගයක් වෙලා. ඒ අතරිනුත් කාන්තාවන් අතර මෙම රෝගය බහුලව දකින්න පුලුවන්. විවිධ විසබීජ, පුස් හා දිලීර වර්ග නියපොත්තේ වර්ධනය වීමෙන් මෙම රෝගය සෑදෙනවා.
විශේෂයෙන් අපගේ නොසැලකිලිමත්කම මේ රෝගය සැදෙන්න බලපාන මූලික හේතුවක් වෙනවා.
රෝගය හැදෙන්නේ,
රෝග ලක්ෂණ වශයෙන්,
මේ රෝගයට ප්‍රතිකාර,
දෙහි දලු, අමු කහ, උදුපියලි සමවගෙන සිහින්ව අඹරා ගන්න. එය රාත්‍රියට රෝගී නියපොත්තේ ගා බුලත් කොළයකින් වසා රැයක් තිබෙන්නට තබා පසු දින උදෙන්ම නියපොත්ත හෝදන්න. නොකඩවා මෙම ප්‍රතිකාරය දින 21 ක් කිරීමෙන් ඔබට පහසුවෙන්ම මේ රෝගයෙන් මිදෙන්න පුළුවන්.
ඒ වගේම වෙනිවැල්ගැට තැම්බූ වතුර, අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුර ආදියෙන් ආසාදිත අත් පා සෝදන්න. ඉතින් හොඳම ක්‍රමය විදිහට මේ තැම්බූ වතුර, බේසමකට දාලා නිවුනට පස්සේ අත් පා බේසමේ දමා ගෙන ඉන්න.
රෝගී නියපොත්තේ සබන්, තෙල් ඉඳුල් ගාවන්න එපා. රෝගී නියපොත්ත තියෙන්නේ අතේ ඇඟිල්ලක නම් ප්‍රතිකාර කරන කාලය තුළ හැන්දකින් කෑම ගන්න. ඒ වගේම රෝගී නියපොත්ත කකුලේ තියෙනවා නම් ඒ කාලය පුරාවට සපත්තු දාන්නෙ නැත්නම් තමා හොඳ. ඒ වගේම ඇළ දොළ ගංගා හෝ මඩ මිශ්‍ර වතුර ගෑවෙන්න දෙන්නත් එපා.
- සැකසුම: මව්බිම පුවත්පත ඇසුරිනි -
අළුහම් කියන්නේ දිලිර වලින් සෑදෙන රෝගී තතත්වයක්. හිතන තරම් දරුණු රෝගයක් නොවුනත් කල් යාමෙන් අළුහම් ලප ශරීරය පුරාම පැතිරීමේ අවධානමක් නම් තියෙනවා. ඒ නිසා මෙම රෝගය පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට වාසි දායක වනු ඇත.
අළුහම් රෝගය ඇතිවීමට හේතු වශයෙන් ආහාර මඟින් ඇතිවන අසාත්මිකතා, කෘතීම ආහාර පාන භාවිතය, අපිරිසිදු ජලයෙන් ස්නානය කිරීම, නිදන කාමරයට හිරු එලිය නොවැටීම, කොට්ට ඇඳ ඇතිරිලි පිරිසිදු නොකිරීම, කෘතීම සබන් වර්ග භාවිතා කිරීම, අන් අයගේ තුවා සබන් භාවිතය ආදිය ප්‍රධාන වශයෙන්ම දක්වන්න පුළුවන්.
මෙහිදී අළුහම් රෝගය නිසා සමේ සුදු පැහැ ලප ඇතිවීමෙන් සම අවලස්සන වීම, කැසීම නිසා සම මත තුවාල ඇති වීම, අන් අයට බෝවීම ආදී අතුරු අබාධ ඇති වෙනවා වගේම අන් අය ඔබව ප්‍රතික්ෂේප කිරිමේ අවධානමද දැක්විය හැකියි.
මේ සඳහා ප්‍රතිකාර වශයෙන්,
ඉතින් ඔබත් ඔබේ පෞද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම තුලින් මෙවැනි රෝග වළක්වා ගන්න කටයුතු කරන්න.
රත් හඳුන් කැබැල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ඇස් වටේ ආලේප කරන්න. විනාඩි 20 කට පස්සේ පිරිසිදු වතුරෙන් සොදන්න. මේ විදිහට සතියකට සැරයක්වත් මේ ප්රතිකර්මය කරලා බලන්නකෝ ඔයාලටම වෙනස වැටහේවි.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts