Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

ප්‍රතිකර්ම

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර බීමේ කලාව ඉගෙනගන්න එන්න ඇවිත් කියවන්න.

Read More

ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා. 

 

ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න. 

 

නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි. 

 

ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .

 

ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.

 

පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම්  මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න  පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2  ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි. 

 

නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.

 

එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.

 

එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්‍රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. 

 

ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න. 

 

එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.

 

පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

 

මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා. 

මුඛ රෝග සඳහා

අත්බෙහෙත්

Read More
මුඛ රෝග සඳහා

අපි හැමෝම කැමතියි කිසිම බාධාවකින් තොරව හිනා වෙන්න වගේම අපිට ලැබෙන ආහාර තෝරා බේරා ගැනීමකින් තොරව කන්න හැකියාව තියෙනවනම්. හැබැයි මේ හැකියාවන් ඔබට ලැබෙන්නෙ ඔබේ දත් දෙපල වගේම විදුරුමසත් නිරෝගීව පවතිනවානම් පමණයි.

ඉතින් අපි අපේ මුහුණ ලස්සන කරගන්න මහන්සි වෙනවා වගේම මුඛ සෞඛ්‍ය රැකගන්නත් අපි අපේ වෙලාව වෙන්කරගන්න මතක තියාගන්න වෙනවා.


ඔබට පහසුවෙන් අත්හදා බලන්න පුලුවන් මේ අත්බෙහෙත් යොදා ගෙන ඔබේ මුඛ සෞඛ්‍ය රැකගන්න
 

  • දත්මුල් ශක්තිමත්වීමට - කුරුදු පොතු සපන්න.
     
  • දත් කැක්කුමට - අබ තම්බා කට සෝදන්න.
     
  • කටේ තුවාලවලට - නෙල්ලි කොළ තැම්බු වතුරෙන් කට සෝදන්න. මාදං පොතු තම්බා ගත් වතුරෙන් කට සෝදන්න.
     
  • මුඛයේ සියලු රෝග වලට - කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදන්න.
     
  • විදුරුමස් ඉදිමුමට - අත්තික්කා පොතු කෂාය බොන්න.
     
  • මුඛයේ දුඟඳට - කොහොඹ නැටි පිලිස්සු අළු, කහ සහ ලුණු සමඟ මිශ්‍ර කර තැම්බු වතුරෙන් කට සෝදන්න.
     
  • විදුරුමස් දියවීම වැළැක්වීමට - අමු නෙල්ලි ආහාරයට ගන්න.
     
මුත්‍රා රෝග සඳහා

මුත්‍රා රෝග සඳහා

අත් බෙහෙත් - 1

Read More

අද වන විට බාල මහළු භේදයකින් තොරව වැළදෙන ලෙඩක් ලෙස මුත්‍රා රෝග දක්වන්න පුළුවන්.

වකුගඩුවල නීරෝගීතාවයට
 

  • රාබු, නීරමුල්ලිය, කටු අනෝදා හැකි සෑමවිටම ආහාරයට ගන්න.

 

  • නිතර රණවරා මල් තම්බා බොන්න.


මුත්‍රා පිරිසිදු වීමට
 

  • රාබු කොළ සිහින්ව ලියා දෙහි ඇඹුල්, රතු ළුණු, පොල් දමා සම්බෝලයක් ලෙස ආහාරයට ගන්න.

 

  • නිතර රාබු ලියා මලවා ආහාරයට ගන්න.

 

  • අක්කපාන කොළ තම්බා සතියකට දෙවරක් බොන්න.( දිනපතා බීම සුදුසු නැත.)


මුත්‍රා දැවිල්ලට

  • ජලය වැඩිපුර බොන්න.

​​​​​​​

  • ඉරමුසු කැඳ බොන්න.

​​​​​​​

  • ඉරමුසු, නීර මුල්ලිය, පොල්පලා, සාරණ මුල්, මින් එකක් තම්බා බොන්න.

​​​​​​​

  • වැල් පෙනෙළ කොළ කොටා යුෂ බොන්න.​​​​​​​

​​​​​​​

  • එම කාලය තුළ ඌෂ්ණ ආහාර වර්ග ( තක්කාලි, බල මාළු, අන්නාසි, ඉස්සෝ, දැල්ලෝ, කෙළවල්ලෝ) හා තෙල් කෑම වලින් වැළකෙන්න.


නින්දෙන් මුත්‍රා යනවාට

  • පොල්පලා සිහින්ව ලියා අලුත් මැටි බඳුනක දමා වේලා ගන්න. තේ මෙන් දින කිහිපයක් බොන්න.

 

 

කල්ගිය පීනසට අත් බෙහෙතක්

වියලි ඉඟුරු, අරළු සම සමව ගෙන කබලේ බැඳ කුඩුකර උතුරන වතුරට දමා හොඳින් පෙරා උදෑසන පානය කරන්න. 

කල්ගිය පීනසට අත් බෙහෙතක්
නියපොතු දිරායාමේ රෝගයට

නියපොතු දිරායාමේ රෝගයට

හෙළ ඔසුවෙන් විසඳුම්

Read More

අද වනවිට නියපොතු දිරායාමේ රෝගය ගැහැණු පිරිමි බේදයකින් තොරව සෑදෙන සුලබ රෝගයක් වෙලා. ඒ අතරිනුත් කාන්තාවන් අතර මෙම රෝගය බහුලව දකින්න පුලුවන්. විවිධ විසබීජ, පුස් හා දිලීර වර්ග නියපොත්තේ වර්ධනය වීමෙන් මෙම රෝගය සෑදෙනවා.

විශේෂයෙන් අපගේ නොසැලකිලිමත්කම මේ රෝගය සැදෙන්න බලපාන මූලික හේතුවක් වෙනවා.

 

රෝගය හැදෙන්නේ, 

 

  • සිරුරේ කැල්සියම් ඌණතාවය 
     
  • නිය අලංකරණය කටයුතු වලදී නියපොතු අග අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීම 
     
  • සබන් වර්ග වලින් නිතර නිතර අත් පා සේදීම 
     
  • නිය අලංකරණ ද්‍රව්‍ය, නිය ආලේපණ ඉවත් කරන දියර දිනපතා හෝ අධික ලෙස භාවිතා කිරීම.
     
  • නිය පොතු කැපීමේදී නිය මල ආශ්‍රිත තුවාල වීම 
     
  • සිරුරේ උෂ්ණ රෝග   

 

රෝග ලක්ෂණ වශයෙන්, 

 

  • නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම  සුදු පැහැ වීම
     
  • දිරීම් ලකුණු පෙන්වමින් කොන්වලින් කැඩී යාම
     
  • නිය මුල රතු පැහැ වීම
     
  • නිය මුල සම සිනිදු වීම
     
  • ඉදිමීම හෝ ඇඟිලි අග දැවිල්ල
     
  • නිය මල අසල සැරව සහිත වීම
     
  • නිය පොතු අවපැහැ ගැනීම
     
  • ඇඟිලි අග නියපොත්තේ දෙපැත්ත කළු වීම
     
  • අධික වේදනාවක් ඇති වීම
     
  • ඇඟිලි තුඩු ඇදුම්කන ස්වභාවය 

 

මේ රෝගයට ප්‍රතිකාර, 

 

දෙහි දලු, අමු කහ, උදුපියලි සමවගෙන සිහින්ව අඹරා ගන්න. එය රාත්‍රියට රෝගී නියපොත්තේ ගා බුලත් කොළයකින් වසා රැයක් තිබෙන්නට තබා පසු දින උදෙන්ම නියපොත්ත හෝදන්න. නොකඩවා මෙම ප්‍රතිකාරය දින 21 ක් කිරීමෙන් ඔබට පහසුවෙන්ම මේ රෝගයෙන් මිදෙන්න පුළුවන්.

 

ඒ වගේම වෙනිවැල්ගැට තැම්බූ වතුර, අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුර ආදියෙන් ආසාදිත අත් පා සෝදන්න. ඉතින් හොඳම ක්‍රමය විදිහට මේ තැම්බූ වතුර, බේසමකට දාලා නිවුනට පස්සේ අත් පා බේසමේ දමා ගෙන ඉන්න. 

 

රෝගී නියපොත්තේ සබන්, තෙල් ඉඳුල් ගාවන්න එපා. රෝගී නියපොත්ත තියෙන්නේ අතේ ඇඟිල්ලක නම් ප්‍රතිකාර කරන කාලය තුළ හැන්දකින් කෑම ගන්න. ඒ වගේම රෝගී නියපොත්ත කකුලේ තියෙනවා නම් ඒ කාලය පුරාවට සපත්තු දාන්නෙ නැත්නම් තමා හොඳ. ඒ වගේම ඇළ දොළ ගංගා හෝ මඩ මිශ්‍ර වතුර ගෑවෙන්න දෙන්නත් එපා.

                                                                                                                                                                                                                                                                      - සැකසුම: මව්බිම පුවත්පත ඇසුරිනි -

 

අළුහම් කරදරෙන් මිදෙන්න

හෙළ වෙදකමින් අත් බෙහෙත්

Read More
අළුහම් කරදරෙන් මිදෙන්න

අළුහම් කියන්නේ දිලිර වලින් සෑදෙන රෝගී තතත්වයක්. හිතන තරම් දරුණු රෝගයක් නොවුනත් කල් යාමෙන් අළුහම් ලප ශරීරය පුරාම පැතිරීමේ අවධානමක් නම් තියෙනවා. ඒ නිසා මෙම රෝගය පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට වාසි දායක වනු ඇත. 

 

අළුහම් රෝගය ඇතිවීමට හේතු වශයෙන් ආහාර මඟින් ඇතිවන අසාත්මිකතා, කෘතීම ආහාර පාන භාවිතය, අපිරිසිදු ජලයෙන් ස්නානය කිරීම, නිදන කාමරයට හිරු එලිය නොවැටීම, කොට්ට ඇඳ ඇතිරිලි පිරිසිදු නොකිරීම, කෘතීම සබන් වර්ග භාවිතා කිරීම, අන් අයගේ තුවා සබන් භාවිතය ආදිය ප්‍රධාන වශයෙන්ම දක්වන්න  පුළුවන්.

 

මෙහිදී අළුහම් රෝගය නිසා සමේ සුදු පැහැ ලප ඇතිවීමෙන් සම අවලස්සන වීම, කැසීම නිසා සම මත තුවාල ඇති වීම, අන් අයට බෝවීම ආදී අතුරු අබාධ ඇති වෙනවා වගේම අන් අය ඔබව ප්‍රතික්ෂේප කිරිමේ අවධානමද දැක්විය හැකියි. 

 

මේ සඳහා ප්‍රතිකාර වශයෙන්, 

 

  • මහා අරත්ත අල, දෙහි ගැට, පැසුණු පොල් අඹරා ඉන් පසුව දෙහි ඇඹුලෙන් අනා ආලේප කරන්න. 

 

  • වෙරළු කොළ, පේර කොළ දෙහි ඇඹුලෙන් අනා ආලේප කරන්න.

 

  • කොහොඹ පොතු හා ඉරමුසු තම්බා බිම. 

 

  • අළු කෙසෙල් පතුරු යුෂෙන් අමුකහ සහ රාබු යුෂ අඹරා ආලේප කරන්න.

 

ඉතින් ඔබත් ඔබේ පෞද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම තුලින් මෙවැනි රෝග වළක්වා ගන්න කටයුතු කරන්න. 

ඔබේ දෑස්  වේලෙනවා සේ දැනෙනවාද?

ඔබේ දෑස් වේලෙනවා සේ දැනෙනවාද?

එහෙනම් මෙන්න අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

Read More


රත් හඳුන් කැබැල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ඇස් වටේ ආලේප කරන්න. විනාඩි 20 කට පස්සේ පිරිසිදු වතුරෙන් සොදන්න. මේ විදිහට සතියකට සැරයක්වත් මේ ප්‍රතිකර්මය කරලා බලන්නකෝ ඔයාලටම වෙනස වැටහේවි. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts