Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

පලතුරු

ඇඹරැල්ලාවල ඇති ගුණ

ඇඹරැල්ලාවල ඇති ගුණ

ඔබ නොදන්නා ගුණ

Read More

ඇඹුල්, පැණි රස, කහට යන රසයන්ගෙන් යුක්ත ඇඹරැල්ලා ගසේ කොළ, ගෙඩි, පොතු හා ගසේ මැලියම්ද විවිධ රෝගාබාධ සඳහා යොදා ගනී. පලතුරක් ලෙස අප දන්නා ඇඹරැල්ලා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයකි.

 

ඌෂ්ණ ගුණයෙන් යුක්ත අමු ඇඹරැල්ලාවල කහට හා ඇඹුල් රසයක් ඇත. පැණි රසැති ඉදුණු ඇඹරැල්ලාවල සීත ගුණ ඇත. එබැවින් මේවා එකිනෙකට වෙනස් රෝග සඳහා ඖෂධ වශයෙන් යොදා ගනී.

 

කැල්සියම් හා පොස්පරස් බහුල ඇඹරැල්ලා ශරීරයේ අස්ථිවල හා දත්වල නිරෝගී බව ආරක්ෂා කරයි. හෘදයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට උදව් වේ. විටමින් A බහුල බැවින් ඇස් පෙනීමේ දුර්වලතා මග හරවයි. විටමින් C අඩංගු බැවින් ශරීරයේ ප්‍රතිශක්තීකරණයට උදව් වේ. රක්ත හීනතාවය වළක්වයි. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ස්ථුලබාවය වළක්වයි. කොලෙස්ටරෝල් පාලනය කරයි. ඛේටය ස්‍රාවය වීම වැඩිකිරීමෙන් ආහාර රැචිය වඩවයි. ශරීරයේ ස්නායු ශක්තිමත් කරයි.

 

ඉදුණු ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් වාත දෝෂ, පිත්ත දෝෂ වලින් ඇතිවෙන අජීර්ණ තත්වයන්, රක්ත දෝෂ හා කුෂ්ඨ රෝග වළක්වා ගත හැක. ඒ වගේම, ශරීර ශක්තිය දුර්වල පුද්ගලයන් සඳහා ද ගුණ දේ. 

 

ඉතින්, මෙවන් බොහෝ ගුණයන්ගෙන් යුක්ත ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ඔබගේ ලෙඩ සුවකරගනු ඇතයි අපි බලාපොරොත්තු වෙමු.

නිරෝගීව ලස්සනට ඉන්න කැමති ඔබට

අලිගැටපේර වල ගුණ දැනගන්න

Read More
නිරෝගීව ලස්සනට ඉන්න  කැමති ඔබට

ලොරේසි කුලයට අයත් අලිගැටපේර විටමින්  A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් ආදී පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විතයි. අලිගැටපේර වල අසංතෘප්ත මේදය ඇති බැවින් ඉන් කොලෙස්ටරෝල් තත්වයක් ඇතිවන්නේ නැහැ. 

 

ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා. 

 

ඒ වගේම සම නිරෝගිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා, මෙහිදී සතියකට දෙවරක් ආහාරයට ගන්නේ නම් දීප්තිමත් සමක හිමිකාරිනියක් වීමට හැකි බව පිලිගන්නවා. සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව රැකගැනීමටත් මේ පලතුර අපිට උදව් වෙනවා. ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත අලිගැටපේර, බැක්ටීරියා නාශකයක්ද වෙනවා, අධි රුධිර පීඩනය පාලනය කර, දියවැඩියාව මට්ටු කරන අතරම පිළිකා හා අතීසාරය යන ලෙඩ වලට එරෙහිවද සටන් කිරීමේ හැකියාවෙන් සමන්විත වෙනවා. 

 

සම පැහැපත් කිරීමට: 
 

  • අලිගැටපේර මදය කහ සහ ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
     
  • වියලි සමට - අලිගැටපේර මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. 
     
  • තෙල් සහිත සමට - අලිගැටපේර, ආමන්ඩ් තෙල් හා ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න. 
     
  • අලිගැටපේර මදය බ්ලෙන්ඩ් කර මුහුණේ, බෙල්ලේ හා දෑත් වල ආලේප කරන්න.  

 

 

ඔබත්  දියවැඩියාව  නිසා පීඩා විදිනවාද

ඔබත් දියවැඩියාව නිසා පීඩා විදිනවාද

එහෙනම් මෙන්න දියවැඩියාව මට්ටු කරන උගුරැස්ස කෂාය

Read More

 

දියවැඩියාව රෝගීන්ට ඉතා ගුණදායක පළතුරක් ලෙස උගුරැස්ස හදුන්වන්න පුළුවන්. උගුරැස්ස ගෙඩි කෂාය සතියට දෙවරක් පානය කිරීමෙන් සැබෑ  වෙනසක් අත්විදින්න පුළුවන්. 

 

මේ සඳහා අවශ්‍ය වන්නේ උගුරැස්ස ගෙඩි කිහිපයක් පමණි. 

 

උගුරැස්ස ගෙඩි හොදින් සෝදා මුට්ටියක් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වන සේ සිඳ උදේට හා සවසට පත භාගය බැගින් සතියක් පානය කිරීමට ඔබට පුළුවන් නම් දියවැඩියා රෝගයෙන් අත්මිදෙන්න එය  ඔබට සහයක් වේවි. 

ලෙමන්

ලෙමන් වල ඇතේ පිළිකා නසන බලේ

Read More
ලෙමන්

ලෙමන් යනු බොහෝ ගුණ ඇති පෝෂ්‍යදායි පලතුරකි. ලෙමන් ලෙල්ලේ විටමින් හා ඔක්සිකාරක අඩංගුයි  ඒ වගේම  සෞඛ්‍යට අහිතකර විස ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
 

සියලුම වර්ගයේ පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලෙමන් සතු වේ.
 

නවතම පරීක්ෂණ වලට අනුව ලෙමන් වල ඇති  ස්වභාවික පැගිරි යුෂ මගින් පියයුරු පිලිකා සෛල විනාශ කරන්න පුළුවන් කියලා සොයාගෙන තියනවා. 
 

ලෙමන් ශරීරයේ ඇති පිළිකා සෛල පමණක් විනාශ කරන බව එම පරීක්ෂණ මගින් අද වනවිට ඔප්පු වී තිබීම මෙහිදී වැදගත් කරුණක් වනවා.
 

කුෂ්ට විසප්පු ඉදිමුම් වලටත් ලේමන් ගුණදායකයි. ඒ වගේම ශරීරයේ ඇති පරපොශිතයන්ට, පණුවන්ට වගේම බැක්ටීරියා ආසාදනවලටත් එරෙහිව සටන් කිරීම මානසික පීඩනය අවම කිරීම , අධිරුධිර පීඩනය පාලනය කිරීම තුලින් ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කිරීමේ හැකියාව ලෙමන් සතු වේ. 

 

 

-සැකැසීම මව්බිම පුවත්පත ඇසුරිනි-

ආයුශ වඩවන  දෙළුම්

ආයුශ වඩවන දෙළුම්

දෙළුම් යුශ බිංදු 2 කින් ඔබේ ආයුශ වැඩි කරගන්න.

Read More

දෙළුම් යනු අප දන්නා එක් පලතුරක්  පමණක්ම නොවේ. දෙළුම් ප්‍රබල ඖෂධයකි.

මෙහි, කාබොහයිඩ්‍රෙට, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ, විටමින් C, මැග්නිසියම්, පොටැසියම්, පොස්පරස්, සින්ක් අඩංගු වේ.

 

දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.
 

  • එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරගත හැකිය.

 

  • දෙළුම් මගින් ඔබේ මතක ශක්තිය වර්ධදනය සිදුවේ. මෙමගින් මොලයේ රැධිර සංසරණය වේගවත් කර මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

 

  • මොලයේ සෛල ආරක්ෂා කරගැනිමේ හැකියාවක් පවතින අතර පුනිකැලජින් (punicalagins) රසායනිකය හේතුවෙන් සෛල විනාශවීම වලක්වා ඇල්ෂයිමර් රෝගය පැතිරීම වැලකේ.

 

  • දෙළුම් පිලිකා නාශකයක් වන අතර එහි වේදනා නාශක හැකියාවත් පිලිකා සෛල පැතිරීම වැලැක්විමේ හැකියාවත් ඇත. මේතුලින් පියයුරු පිලිකා, චර්ම පිලිකා, පෙනහළු පිලිකා සහ පොස්ට්‍රෙට් ග්‍රන්තිවල ඇතිවියහැකි පිලිකා වලක්වාගත හැකිය.

 

  • දෙළුම් ඔබේ ආයුෂ වැඩිකරයි. මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුශ බිංදු 2 කින් පවා ආයුශ දිර්ඝ කර ගත හැකිය. මෙහිදි රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රයක්ම ප්‍රාණවත් කරයි.

 

  •  දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍ය වර්ධනය කරයි. මෙහි ප්‍රතිඔක්සිකාරක බලය හා polyphenols හේතුවෙන් රුධිර පිඩනය සමනය කරනවා සේම ධමනි තුල තෙල් බැඳිමත්, සිහින්වීමත් වලක්වයි.

 

  • තරුණ පෙනුම රැකගැනීමට දෙළුම් තුල අඩංගු සංයෝග වලට හැකිය. මෙමගින් සමෙහි නිරෝගිමත් බව, සමේ ඇතිවන තුවල සුවකිරිම සහ සමෙහි කොලෙජන් වර්ධනය වේගවත් කර එමගින් සම රැලිවැටිම් වැලකේ.

 

  • මෙහි ඇති සංයෝග නිසා  බැක්ටීරියා විනාශ කර මුඛයේ ඇතිවන දත්මුල් දියවීම වැනි ආසාධනයන් වලක්වයි.

 

  • ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි.

 

  • මෙහි ඇති වේදනා නාශක බලය හේතුවෙන් සන්දි තුල ඇතිවන වේදනාවන් දුරුකර අස්ථි ශක්තිමත් කරයි.

 

  • දෙළුම් ලෙල්ල ඩයරියා රෝගයට ප්‍රතිකාරයක් වන අතර දෙළුම් කොළ ඇස් රෝග සුවකරයි.

 

  • දෙළුම් ඇට ලෙස ආහාරයට ගැනීමට වඩා දෙළුම් යුෂ ලෙස සකස්කර ගැනිමෙන් එහි සියලු ගුණයන් පහසුවෙන් ශරිරයට ලබාගත හැකිය.

 

මිට අමතරව,

  • අජිර්ණය
  • පණු රෝගය
  • මුත්‍ර රෝග
  • ඇසේ සුද
  • අධික ස්ථූල භාවය
  • ස්ත්‍රින්ගේ සරුබව
  • පිරිමින්ගේ අප්‍රානිකත්වය
  • මානසික ආතතිය
  • ශරිර දැවිල්ල
  • මුඛයේ  ශ්‍රාවය වැඩිකිරිම
  • ආහාර රුචිය වැඩිවිම
  • දියවැඩියාව

 

ආදි රෝග රැසකට ප්‍රතිකාර ගෙනඑන අතර කටහඬ මිහිරි කරයි. මෙලෙස දිනපතා දෙළුම් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය වාසි රැසක් අත්කරගත හැකිය. මේ නිසා ඔබත් දිනපතා දෙළුම් ගෙඩියක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.

 

දිව්‍ය අමරසයට සම අඹ

පලතුරු වර්ග අතරින් සුවිශේෂී පළතුරක් වන අඹ ගැන දැන ගනිමු.

Read More
දිව්‍ය අමරසයට සම අඹ

ජන වහරට අනුව අඹ ගසක් නිවස ඉදිරිපිට රෝපණය කිරීම සුභ යැයි පිළිගැනෙනවා. අකුණු සැර අද්දා ගැනීමේ හැකියාවක් අඹ ගස සතුව පවතින බවද නවීන විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. පොල් අඹ, කර්ත කොලොම්බම්, මී අඹ, කොහු අඹ, විලාට් අඹ ආදී වශයෙන් අඹ වර්ග රැසක්  දක්නට ලැබේ.
 

අඹ වල ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු බැවින් පිළිකා සෑදීම වළක්වනවා. එහිදී පියයුරු පිළිකා, පුරස්ථී ග්‍රන්ථි පිළිකා, ලේ පිළිකා ආදිය සදහා විශේෂයෙන්ම අඹ ආහාරයට ගැනීම වැදගත් වෙනවා. අඹ වල පොටෑසියම් අඩංගු නිසා හෘද ස්පන්දනය පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. 

 

ඉදුණු අඹ ;

 

  • ශරීරය මහත් කරවනවා.

 

  • බුද්ධිය වර්ධනය කරනවා.

 

  • සම පැහැපත් කරවනවා.

 

  • හෘදය වස්තුවට හිතකර වේ. 

 

අමු අඹ;

 

  • රක්ත, පිත කෝප කරවනවා. 

 

අඹ කොළ වල ගුණ;

 

  • ඉක්කාව සඳහා අඹ කොළ දුම් ඇල්ලීම ගුණ දේ. 

 

කෙතරම් ගුණ ඇති ආහාරයක් වුවද වැඩිපුර ආහාරයට ගැනීමෙන් මළ බද්ධය, උණ, ඇස් රෝග සෑදීමක් සිදුවෙනවා. එබැවින් අඹ ආහාරයට ගැනීමේදී ප්‍රමාණයක් ඇතිව ආහාරයට ගැනීමට වග බලා ගන්න.

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts