ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා.
ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න.
නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි.
ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .
ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.
පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම් මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2 ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි.
නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.
එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.
එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්.
ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න.
එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.
පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.
මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා.
ඇඹුල්, පැණි රස, කහට යන රසයන්ගෙන් යුක්ත ඇඹරැල්ලා ගසේ කොළ, ගෙඩි, පොතු හා ගසේ මැලියම්ද විවිධ රෝගාබාධ සඳහා යොදා ගනී. පලතුරක් ලෙස අප දන්නා ඇඹරැල්ලා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයකි.
ඌෂ්ණ ගුණයෙන් යුක්ත අමු ඇඹරැල්ලාවල කහට හා ඇඹුල් රසයක් ඇත. පැණි රසැති ඉදුණු ඇඹරැල්ලාවල සීත ගුණ ඇත. එබැවින් මේවා එකිනෙකට වෙනස් රෝග සඳහා ඖෂධ වශයෙන් යොදා ගනී.
කැල්සියම් හා පොස්පරස් බහුල ඇඹරැල්ලා ශරීරයේ අස්ථිවල හා දත්වල නිරෝගී බව ආරක්ෂා කරයි. හෘදයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට උදව් වේ. විටමින් A බහුල බැවින් ඇස් පෙනීමේ දුර්වලතා මග හරවයි. විටමින් C අඩංගු බැවින් ශරීරයේ ප්රතිශක්තීකරණයට උදව් වේ. රක්ත හීනතාවය වළක්වයි. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ස්ථුලබාවය වළක්වයි. කොලෙස්ටරෝල් පාලනය කරයි. ඛේටය ස්රාවය වීම වැඩිකිරීමෙන් ආහාර රැචිය වඩවයි. ශරීරයේ ස්නායු ශක්තිමත් කරයි.
ඉදුණු ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් වාත දෝෂ, පිත්ත දෝෂ වලින් ඇතිවෙන අජීර්ණ තත්වයන්, රක්ත දෝෂ හා කුෂ්ඨ රෝග වළක්වා ගත හැක. ඒ වගේම, ශරීර ශක්තිය දුර්වල පුද්ගලයන් සඳහා ද ගුණ දේ.
ඉතින්, මෙවන් බොහෝ ගුණයන්ගෙන් යුක්ත ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ඔබගේ ලෙඩ සුවකරගනු ඇතයි අපි බලාපොරොත්තු වෙමු.
ලොරේසි කුලයට අයත් අලිගැටපේර විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් ආදී පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විතයි. අලිගැටපේර වල අසංතෘප්ත මේදය ඇති බැවින් ඉන් කොලෙස්ටරෝල් තත්වයක් ඇතිවන්නේ නැහැ.
ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා.
ඒ වගේම සම නිරෝගිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා, මෙහිදී සතියකට දෙවරක් ආහාරයට ගන්නේ නම් දීප්තිමත් සමක හිමිකාරිනියක් වීමට හැකි බව පිලිගන්නවා. සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව රැකගැනීමටත් මේ පලතුර අපිට උදව් වෙනවා. ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත අලිගැටපේර, බැක්ටීරියා නාශකයක්ද වෙනවා, අධි රුධිර පීඩනය පාලනය කර, දියවැඩියාව මට්ටු කරන අතරම පිළිකා හා අතීසාරය යන ලෙඩ වලට එරෙහිවද සටන් කිරීමේ හැකියාවෙන් සමන්විත වෙනවා.
සම පැහැපත් කිරීමට:
දියවැඩියාව රෝගීන්ට ඉතා ගුණදායක පළතුරක් ලෙස උගුරැස්ස හදුන්වන්න පුළුවන්. උගුරැස්ස ගෙඩි කෂාය සතියට දෙවරක් පානය කිරීමෙන් සැබෑ වෙනසක් අත්විදින්න පුළුවන්.
මේ සඳහා අවශ්‍ය වන්නේ උගුරැස්ස ගෙඩි කිහිපයක් පමණි.
උගුරැස්ස ගෙඩි හොදින් සෝදා මුට්ටියක් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වන සේ සිඳ උදේට හා සවසට පත භාගය බැගින් සතියක් පානය කිරීමට ඔබට පුළුවන් නම් දියවැඩියා රෝගයෙන් අත්මිදෙන්න එය ඔබට සහයක් වේවි.
ලෙමන් යනු බොහෝ ගුණ ඇති පෝෂ්‍යදායි පලතුරකි. ලෙමන් ලෙල්ලේ විටමින් හා ඔක්සිකාරක අඩංගුයි ඒ වගේම සෞඛ්‍යට අහිතකර විස ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
සියලුම වර්ගයේ පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලෙමන් සතු වේ.
නවතම පරීක්ෂණ වලට අනුව ලෙමන් වල ඇති ස්වභාවික පැගිරි යුෂ මගින් පියයුරු පිලිකා සෛල විනාශ කරන්න පුළුවන් කියලා සොයාගෙන තියනවා.
ලෙමන් ශරීරයේ ඇති පිළිකා සෛල පමණක් විනාශ කරන බව එම පරීක්ෂණ මගින් අද වනවිට ඔප්පු වී තිබීම මෙහිදී වැදගත් කරුණක් වනවා.
කුෂ්ට විසප්පු ඉදිමුම් වලටත් ලේමන් ගුණදායකයි. ඒ වගේම ශරීරයේ ඇති පරපොශිතයන්ට, පණුවන්ට වගේම බැක්ටීරියා ආසාදනවලටත් එරෙහිව සටන් කිරීම මානසික පීඩනය අවම කිරීම , අධිරුධිර පීඩනය පාලනය කිරීම තුලින් ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කිරීමේ හැකියාව ලෙමන් සතු වේ.
-සැකැසීම මව්බිම පුවත්පත ඇසුරිනි-
දෙළුම් යනු අප දන්නා එක් පලතුරක් පමණක්ම නොවේ. දෙළුම් ප්‍රබල ඖෂධයකි.
මෙහි, කාබොහයිඩ්‍රෙට, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ, විටමින් C, මැග්නිසියම්, පොටැසියම්, පොස්පරස්, සින්ක් අඩංගු වේ.
දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.
මිට අමතරව,
ආදි රෝග රැසකට ප්‍රතිකාර ගෙනඑන අතර කටහඬ මිහිරි කරයි. මෙලෙස දිනපතා දෙළුම් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය වාසි රැසක් අත්කරගත හැකිය. මේ නිසා ඔබත් දිනපතා දෙළුම් ගෙඩියක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.
ජන වහරට අනුව අඹ ගසක් නිවස ඉදිරිපිට රෝපණය කිරීම සුභ යැයි පිළිගැනෙනවා. අකුණු සැර අද්දා ගැනීමේ හැකියාවක් අඹ ගස සතුව පවතින බවද නවීන විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. පොල් අඹ, කර්ත කොලොම්බම්, මී අඹ, කොහු අඹ, විලාට් අඹ ආදී වශයෙන් අඹ වර්ග රැසක් දක්නට ලැබේ.
අඹ වල ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු බැවින් පිළිකා සෑදීම වළක්වනවා. එහිදී පියයුරු පිළිකා, පුරස්ථී ග්‍රන්ථි පිළිකා, ලේ පිළිකා ආදිය සදහා විශේෂයෙන්ම අඹ ආහාරයට ගැනීම වැදගත් වෙනවා. අඹ වල පොටෑසියම් අඩංගු නිසා හෘද ස්පන්දනය පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා.
ඉදුණු අඹ ;
අමු අඹ;
අඹ කොළ වල ගුණ;
කෙතරම් ගුණ ඇති ආහාරයක් වුවද වැඩිපුර ආහාරයට ගැනීමෙන් මළ බද්ධය, උණ, ඇස් රෝග සෑදීමක් සිදුවෙනවා. එබැවින් අඹ ආහාරයට ගැනීමේදී ප්‍රමාණයක් ඇතිව ආහාරයට ගැනීමට වග බලා ගන්න.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts