Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

පාද

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

බාල මහළු සැමට තේරීමකින් තොරව භාවිතා කළහැකි මෙම ප්‍රතිකර්මය ඔබත් අත්හදා බලන්න.

Read More

සීත කාලගුණවලදී පමණක් නොව නිතර නිතර මිනිසුන්ට වදදෙන රෝගී තත්වයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව හදුන්වන්න පුළුවන්. කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනාම අල්ලක් පිරෙන්න බෙහෙත් අහුරක් බොන්න අකමැති කෙනෙක් නම් ඔබ මෙන්න මේ බෙහෙත ගැන දැනුවත්ව සිටීම වැදගත් වේවි. මොකද කැස්සක් වුනත් ඉබේ හොදවෙනකම්  බලන් ඉන්නේ නැතුව සිංහල බෙහෙතකින් හරි ඉක්මනට හොඳ කරගන්න එක කෝකටත් ගුණදායකයි.

 

මේ පානය සකස් කරන්න ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නේ කැරට්. පෝෂණ ගුණයන්ගෙන් අනුන එළවළුවක් ලෙස කැරට් හදුන්වන්න පුළුවන්. අධිරුධිර පිඩනයට වගේම දියවැඩියාව රෝගයටත් ඉතාම ගුණදායකයි. 

 

අපි දැන් බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:  කැරට්, පිරිසිදු මී පැණි මේස හැදි 4ක්, ජලය 

 

සකස් කරගන්නා අන්දම: 

 

                               පළමුව පිරිසිදු කරගත් කැරට් කුඩා කැබලි වලට කපා ගන්න. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වන තරමට තම්බා ගන්න. කැරට් තම්බා ගත්ත වතුර විසික් කරන්න නම්  එපා එය පැත්තකි තබා ගන්න. තම්බාගත් කැරට් කෑලි ටික blend කර juice එක හදාගන්න. අපි අර කලින් පැත්තකින් තිබ්බ කැරට් තම්බපු වතුර එක දැන් අරගෙන එයට මී පැණි ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදපු carrot juice එක එකතු කරලා හොදින් කලවම් කරගන්න. 

 

දැන් අපි කැස්සට ගුණදෙන කැරට් පානය සකසා ගෙන නම් ඉවරයි නමුත් එම පානය ශීතකරණයේ නම් තියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ මේ පානයෙන් තේ හැදි 3 ක් හෝ 4 ක් බොන්න. දින 2කින් ඔබට සහනයක් ලැබේවි. 

 

මේ බෙහෙතින් ඔබේ පෙනහළු වල ඇති සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් සහනයක් ගෙන දේවි. 

 

ඔබේ අතින්ම සකස් කරගන්නා මෙම පානය වෙනත් ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වෙනවා වගේම අතුරු ආබාධ වලිනුත් තොර බව ඉතින් අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නෑනේ. ඉතින් ඔබත් මේ වටිනා ඖෂධය භාවිතා කර සුවය සලසා ගන්න. 

 

                                                                                                                                                                                                                            - සැකසුම: මව්බිම පුවත්පත ඇසුරිනි -

 

 

 

දෙපා ලස්සන කරන

නියපොතු ගැනත් හිතමුද

Read More
දෙපා  ලස්සන කරන

වෙළඳපලේ කෙතරම් ලස්සන පාවහන් තිබුනත් ඔබට ඇත්තේ අවපැහැ වුන නියපොතු සහිත දෙපා යුගලක් නම් සැම විටම දෙපා වැසුනු විලාසිතා වලට පමණක් සීමා වීමට ඔබට සිදු වෙනවා. එහෙමත් නතිනම් සෑම විටම නිය ආලේපන භාවිතා කිරීමට සිදුවේවි. ඉතින් ඔබේ මුහුණට දක්වන සැලකිල්ලෙ තරමටම නියපොතු ගැනත් සැලකිල්ලක් දක්වනවානම් ඔබ විසින්ම ඔබට පනවාගෙන ඇති සීමා  වලින් මිදෙන්න ඔබට හැකි වේවි.

ඉතින් මේ  සරල ක්‍රම අත්හදා බලලා ලස්සන  නියපෙළක උරුම්කාරියක් වෙන්න.

ඔබට ස්වභාවිකව ලැබී ඇති නියපොත්තේ හැඩය එලෙසම පවත්වා ගැනෙන ආකාරයට නියපොතු කැපීම වඩා යෝග්‍ය වෙනවා. ඒ වගේම සතියට වරක් වත් නියපොතු කපන්න අමතක කරන්න එපා. ඔබේ නියපොතු නියාමාකාරයෙන් වර්ධනය වන්නේ නැතිනම් විටමින් ඊ කරල බැගින් නියපොතු මත ආලේප කර මසාජ් කරන්න.

ඔබට ඇත්තේ ඉක්මනින් කැඩෙන නියපොතු නම් ඒ සඳහා මඳ උණුසුම් ජලය බේසමකට ජෙලටින් ස්වල්පයක් දමා විනාඩි කිහිපයක් දෙපා දමාගෙන සිටින්න.

ඒ වගේම නිය ආලේපන තෝරා ගැනීමේදී ඇසිටෝන් අඩංගු නොවන නිෂ්පාදන තෝරා ගන්න. සෑමවිටම බේස් කෝට් එක ආලේප කර ඉන් පසුව නිය ආලේපන තවරා ඊටත් පසුව ටොප් කොට් එක ආලේප කරන්න. මෙහිදී දින දෙකකට වඩා එම නිය ආලේපන නියපොතු මත නොතිබීමට සැලකිලිමත් වීම තුලින් ඔබේ නිය පෙලට සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ඔබට හැකි වේවි. 

නියපොතු පිරිසිදු කරගැනීම සඳහා ඔබට එලකිරි භාවිත කල හැකියි. ඒ වගේම රාත්‍රියට නියපොතු මත කෝමරිකා ආලේප කිරීමට හැකි නම් ඒමගින් නියපොතුවල අවශ්‍ය පෝෂණය බාහිරෙන්  ලබා දීමට ඔබට හැකි වේවි. 

 

 

පැළුණු දෙපා නිසා පිඩාවිදින ඔබට

පැළුණු දෙපා නිසා පිඩාවිදින ඔබට

පහසුවෙන් හදාගන්න පුළුවන් නොවරදින සත්කාරයක්

Read More

ස්වභාවයෙන් කාන්තාවන් විලාසිතාවන්ට කැමතියි, නමුත් ඔබට ඇත්තේ ඉරිතැලුණු දුර්වර්ණ  වූ දෙපා යුගලක් නම් කෙතරම් ලස්සන විලාසිතා කලත් වටිනා පාවහන් යුගල් පැලදුවත් එයින් ඔබ බලාපොරොත්තු වන ලස්සන නම් ලැබෙන්නේ නෑ. ඉතින් ඔබේ මුහුණ ගැන දක්වන සැලකිල්ලෙ තරමටම දෙපා ගැනත් සැළකිල්ලක් දක්වනවානම් එය ඔබේ ආත්ම අභිමානයටත් රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේ සඳහා පළමුව ඔබේ දෙපා හොදින් පිරිසිදු කරගැනීම කල යුතුයි. නිය ආලේපන ගල්වා ඇත්නම් ඒවා ඉවත් කිරීම කලයුතුයි. සමේ රළු තැන් ඇත්නම් ඒවාද සියුම් කර ගැනීම සඳහා පියුමික් ස්ටෝන් එකක් භාවිතා කල හැකියි. නියපොතු දික්ව වැවී ඇත්නම් ඒවාද කොටට කපා ගැනීම කල යුතුයි.

ඉන් පසුව බේසමක් ගෙන මද උණුසුම් ජලය ස්වල්පයක් හා ලුණු කුඩු ස්වලපයක් දමා හොදින් කලවම් කරගන්න. දැන් හොදින් පිරිසිඳු කරගත් දෙපා එම බේසම තුලට දමා විනාඩි 10 ක් පමණ සිටින්න. ඉන් පසුව නැවත පිරිසිඳු ජලයෙන් සෝදා දෙපා තෙත මාත්තු කර ගන්න.

ඉන් පසුව දෙපා වල මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්ක්‍රබ් එකක් භාවිතා කරමු. එම ස්ක්‍රබ් එක සීනි වලට දෙහි බින්දු කිහිපයක් දැමීමෙන් වගේම මී පැණි, ඔලිව් තෙල් හා දුඹුරු සිනි මිශ්‍ර කරද  පහසුවෙන්ම සකස් කරගත හැකියි.

ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව පිරිසිදු කරගත් දෙපා මතට පැක් එකක් යොදමු.

මේ සඳහා ඔබට පොල් කිරි, කහ සහ මී පැණි යොදා ගෙන  මිශ්‍රණයක් සාදා ගෙන ආලේප කල හැකියි. ඒ වගේම කහ, තිරිඟු පිටි, හාල්පිටි, නැවුම් කිරි සහ දෙහි යුෂ යොදාගෙනද  මිශ්‍රණයක් සාදා ගෙන එය දෙපා මත ආලේප කර විනාඩි 40 කින් සෝදා ඉවත් කර ගන්න.


මෙමගින් දෙපා වල වියලි බව හා  දුර්වර්ණ බව ඉවත් වී පැහැපත්, දිදුලන බවක් ලබා ගත හැකියි. 

අවසානයට මෙලෙස පිරිසිදු කරගත් දෙපා වලට සුදුසු 
Moisturizing Cream එකක් ආලේප කරන්න.             

ඉතින් මේ ආකාරයෙන් සතියට දෙවරක් මෙම සත්කාරය කිරීම මඟින් ලස්සන දෙපා යුහල හිමිකාරියක් වීමට ඔබටත් හැකියාව ලැබේවි. 

 

 

පාද ගැන ඔබ  සැළකිලිමත් ද?

ඔබට ඇත්තේ නීරෝගිමත් දෙපා යුගලයක් නම් එය කෙතරම් නම් අගනේද

Read More
පාද ගැන ඔබ  සැළකිලිමත් ද?

 

ඔබේ යටිපතුල් පැලි අවපැහැ ගැන්වී තිබෙනවානම් ඔබ කෙතරම් මුදල් වියදම් කර ලස්සන පාවහන් යුගලයන් පැලන්දත් එයින් ඔබේ දෙපයට සුන්දරත්වයක් නම් එක්වන්නේ නැහැ. මුහුණේ පැහැපත් බව පිළිබඳව සිතනවා වගේම ඔබේ දෙපාවල නිරෝගීභාවය ගැන සිතීමත් වැදගත්. ඉතින් ඔබත් පුංචි වෙලාවක් වෙන් කරගෙන මේ ගැනත් සිතා බලන්න.

 

මේ සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතාම වැඳගත් වෙනවා. සෑම විටම දේශීය එළවළු පලතුරු ආහාරයට ගැනීමට පුරුදු වීමත් ක්ෂණික ආහාර වලින් හැකි පමණ වැලකී සිටීමෙනුත් ඔබේ සමට ගුණාත්මක අභ්‍යන්තර පෝෂණයක් ලබා දීමට උපකාරී වෙනවා. නිතර නිතර ජලය පානය කිරීමත් අත්‍යවශ්‍යයි.   
 

ඔබ පාදයේ නියපොතු කැපීමේදී කෙටිව strait line එකක් සේ කැපීම සිදුකළ යුතුයි. නිය ආලේපන ගල්වනවා නම් දින 3 කට වරක් වත් nail remover එකක් භාවිතා කර එය ඉවත් කර ගත යුතුයි. එහිදී Aceton අඩංගු නොවන nail remover එකක් තෝරා ගැනීමට ඔබ සිහිතබා ගත යුතුයි. 

 

මේ සඳහා පෞද්ගලික පිරිසිදුකමත් බලපානවා. සෑමවිටම භාවිතයට ගන්නා මේස් හා සපත්තු පිරිසිදුව තබා ගත යුතුයි. ඒ වගේම සෑම විටම ඔබට ගැලැපෙන පාවහන් වර්ග පමණක් තෝරා ගන්න. එමගින්ද දෙපයට සිදුවිය හැකි හානි අවම කරගැනීමෙන්  දෙපා වල නීරෝගීභාවය ආරක්ෂා කරගත හැකිවේ. දෙපා සේදීමෙන් පසු විශේෂයෙන්ම ඇගිලිකරු අතර හොදින් තෙතමාත්තු කිරීමට මතක තබා ගන්න. එමගින් ඇගිලිකරු අතර ඇතිවිය හැකි ආසාදන අවමකර ගැනීමට හැකිවේ.

 

සබන් වෙනුවට දෙපා සේදීමට යොදා ගන්නා දියර වර්ග භාවිතයට පුරුදු වන්න  එමගින් දෙපා වේලීම අවම කරගත හැකිවේ. මසකට වරක්වත් Pedicure සත්කාරයක් ලබා දීමට හැකි නම් එමගින් දෙපයේ මැරුණු සම ඉවත් කිරීමෙන් නිරෝගී දෙපා යුගලයක් හිමිකර ගත හැකියි.

 

ඔබගේ විලුඹේ සම ඝනකම් බවින් වැඩි නම් එම සම ඉවත් කිරීම පිහිතුලවල් ආදිය භාවිතා නොකරන්න. ඒ සදහා Pumice stone භාවිතයට හුරු වෙන්න. එමගින් විලුඹ පැලීම වලක්වා ගන්න පුළුවන් වෙනවා. තවද ඔබගේ දෙපා වල පැලීම් දක්නට තිබෙනවානම් සහ එම පැලීම් යම් යම් අත්බෙහෙත් කිරීමෙන් සුව වෙන බවක් දක්නට නොමැති නම් ඔබ වහාම ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න දෙපාරක් සිතන්න එපා. නැතහොත් එම පැලීම් සමේ ගැඹුරට වර්ධනය වී රුධිරය වහනය වීම දක්වා තත්ත්වය හානිදායක විය හැකියි. 

 

ඔබේ දෙපා ගැනත් සැළකිලිමත් වීමෙන් ඔබගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මේ ක්‍රම අත්හදා බලන්න. ඒමගින් ඔබට පහසුවෙන්ම සුන්දර නිරෝගිමත් දෙපා යුගලක් හිමිකර ගන්න පුළුවන් වේවි. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts