Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

හිසකෙස්

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර බීමේ කලාව ඉගෙනගන්න එන්න ඇවිත් කියවන්න.

Read More

ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා. 

 

ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න. 

 

නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි. 

 

ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .

 

ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.

 

පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම්  මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න  පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2  ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි. 

 

නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.

 

එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.

 

එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්‍රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. 

 

ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න. 

 

එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.

 

පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

 

මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා. 

හිසකෙස් වල නීරෝගීතාවයට

දෙහි සත්කාර

Read More
හිසකෙස් වල නීරෝගීතාවයට

හිස්හොරි සඳහා

දෙහි ගැට, උළුහාල් තම්බා එයට ගොඩපර පොඩිකර එකතු කරන්න. එම මිශ්‍රණය හිස්කබලේ ආලේප කරන්න. දින කිහිපයක් මෙය කරන්න.


නෙල්ලි කුඩු, මී පැණි හා දෙහි යුෂ එකට එකතු කර හිසේ ගාන්න.

දෙහි යුෂ, ඔලිව් ඔයිල් හා ජලය සම ප්‍රමාණවලින් ගෙන හිසේ ආලේප කර ටික වේලාවකින් shampoo යොදා සෝදන්න.

හිසකෙස්වල වියළි ස්වභාවයට


දෙහි යුෂ හා පොල්තෙල් එකට මිශ්‍රකර හිසේ ගා විනාඩි 20 කින් සෝදා ඉවත් කරන්න.

දෙහි යුෂ, අලිගැටපේර, මී පැණි එකතු කර මිශ්‍රණයක් සාදා හිසේ ගාන්න.

දෙහි යුෂ, පොල් වතුර සමඟ මිශ්‍ර කර හිසේ ගාන්න.

හිස්හොරි

හිස්හොරි

ඔබත් හිස්හොරි වලින් පීඩා විදින කෙනෙක්ද එහෙනම් මේ tips අතහදා බලන්න.

Read More

කාන්තා පාර්ශවය අතර පමණක් නොව අද වනවිට පිරිමි පාර්ශවය අතරත් සුලභව දකින්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට හිස්හොරි හදුන්වන්න පුළුවන්. ඔබගේ හිසකෙස් නිරෝගී කෙස් කලඹක් කර ගැනීමට නම් ඔබේ පිරිසිදුකම ගැන මුලිකත්වයක්  දිය යුතුයි. ඔබ භාවිතා කරන පනාව, සබන් සහ තුවාය පිරිසිදුව මෙන්ම එය තම තනි පරිහරණයට පමණක් තබා ගැනීම අනිවාර්ය වෙනවා. ජලය වැඩිපුර පානය කිරීම හා එළවළු පලතුරු ආහාරයට එක් කර ගැනිමද වැදගත්.  ඔබ විවිධ shampoo වර්ග භාවිතා කරනවා විය හැක නමුත් ඔබටම එම දේවල් නිසේදීම සාදා ගන්න පුළුවන් එමගින් ඔබට වැඩි පෝෂණයක්ද හිසකෙස් වලට ලබා දිය හැකි වෙනවා. ඔබ දිනපතා ස්නානය කරන පුද්ගලයෙක් නම් දිනපතා සබන් ගෑමද නොකළ යුතුයි.  

 

                    හිස්හොරි ඔබව කළු වැනි තද වර්ණ භාවිතයෙන් ඈත් කරනවා. හිස්හොරි තිබීමෙන් මුහුණේ කුරුලෑ මෙන්ම හිස කෙස් වලට ආසන්නයේ කුඩා බිබිලි ඇතිවිමද සිදුවෙනවා. ඉතින් ඔබත් හිස්හොරි වලින් පීඩා විදිනවානම් මේ tips අත්හදා බලන්න.
 

  • සූදුරු ඇල්  දියෙන් අඹරා ගාන්න.
  • නෙල්ලි හා දෙහි යුෂ මිශ්‍ර කර අඹරා හිසේ ගා පැයක් පමණ තබා නාන්න.
  • දෙහි හා උළු හාල් එකට තම්බා හිසේ ගා උදේ කාලයේ නාන්න.
  • වෙරළු කොළ ඇල් දියෙන් අඹරා ගාන්න.
  • සීතෝදක තෙල් ගාන්න.
  • කුඹුක් කොළ ඇල් දියෙන් අඹරා යුෂ ගෙන හිසේ ගා විනාඩි 15 කින් සෝදා හරින්න.

 

නිරෝගීමත් කෙස්කලඹක් සුන්දර වතක්

නිරෝගිමත් කෙස්කළඹක් කියන්නේ කාන්තාවකට නම් ආභරණයක්. ඉතින් හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න ඔබටත් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

Read More
නිරෝගීමත් කෙස්කලඹක් සුන්දර වතක්

 

නිරෝගී කෙස් කළඹක් කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධාන අංගයක් වෙනවා. ලස්සන වෙන්න සිහින දකින ඔබ අනිවාරෙන්ම ඔබේ කොණ්ඩය ගැනත් අවධානය යොමු කරන්න. දිනපතා පිරිසිදු පනාවකින් හිස පිරන්න පුරුදු වෙන එක ඉතාම වැදගත්. එමගින් හිස් කබල සම්භාහනය වීමක් ඔබ නොදැනුවත්වම සිදුවෙනවා. ඒ වගේම පිරිසිදු ජලය පානය කිරීමත් වැදගත් වෙනවා. දිනපතා නෙල්ලි ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට පුළුවන් නම් එමගින් හිසකෙස් වලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් එක්කර ගැනීමේ හැකියාව ඔබට ලබාගන්න පුළුවන් වෙන්වා. 

 

              ඒ වගේම ඔබට මේ ක්‍රම අතහදා බැලීමෙන් ඔබගේ කෙස් විශ්මිත ලෙස වවා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රම එක දවසක් පමණක් භාවිතා කිරීමෙන් නම් ඔබට සාර්ථක ප්‍රතිඵලයක් නම් ලබා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් මාසයක් පමණ මේ ක්‍රම අත්හදා බලන්න ඇත්තටම ඔබ පුදුම වේවි. 

 

  • කරපිංචා කොළ 7-8

කොහොඹ කොළ 7-8

සියඹලා කුඩු තේ හැදි 3

යෝගට් තේ හැදි 3 හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා මසාජ් කර විනාඩි 20 ක් ඉන්න. ඉන් පසු මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.

 

  • ගොටුකොළ යුෂ මේස හැදි 2ක්, මී පැණි බිංදු 4ක් සමඟ උදේ සවස පානය කරන්න.

 

  • රසකිඳ කොළ යුෂ මේස හැදි 2ක් මී පැණි බිංදු 4ක් සමඟ දිනපතා පානය කරන්න.  

 

  • කරපිංචා කොළ කෝප්ප ½

උළුහාල් මේස හැදි 2

වතුර කෝප්ප ½ හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා පැය 2 ක් ඉන්න. මද උණු වතුරින් සෝදා හරින්න. ඉන් පසුව මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.

සතියකට වරක් භාවිතා කරන්න.

 

  • කරපිංචා කොළ කෝප්ප ½

වතුර කෝප්ප 1 විනාඩි 2 ක් මද ගින්නේ වතුර රත් කර ගන්න. ඉන් පසුව වතුර කොළ පැහැ වන තෙක් කරපිංචා කොළ එකතු කර රත් කර ගන්න. නිවෙන්නට හැර පෙරා හිසේ ගා විනාඩි 15- 20 ක් ඉන්න. පසුව කොණ්ඩය සෝදා හරින්න.
 

  • උණුසුම් green tea දමා හිස මසාජ් කර සීතල වතුරින් සෝදා හරින්න.

 

  • දිය ලබු ඉස්ම ස්වල්පයක් හිසේ ආලේප කරන්න.

 

  • සේපාලිකා ඇට තම්බා එම වතුරින් උදෑසන හිස සෝදන්න.

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts