Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

හිසකෙස්

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න

Read More

රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. 

 

යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. 

 

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි. 

 

ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.

 

ස්වභාවික නැවුම් එළවලු පලතුරු  ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ. 

 

මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය. 

 

ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.

හිසකෙස් වල නීරෝගීතාවයට

දෙහි සත්කාර

Read More
හිසකෙස් වල නීරෝගීතාවයට

හිස්හොරි සඳහා

දෙහි ගැට, උළුහාල් තම්බා එයට ගොඩපර පොඩිකර එකතු කරන්න. එම මිශ්‍රණය හිස්කබලේ ආලේප කරන්න. දින කිහිපයක් මෙය කරන්න.


නෙල්ලි කුඩු, මී පැණි හා දෙහි යුෂ එකට එකතු කර හිසේ ගාන්න.

දෙහි යුෂ, ඔලිව් ඔයිල් හා ජලය සම ප්‍රමාණවලින් ගෙන හිසේ ආලේප කර ටික වේලාවකින් shampoo යොදා සෝදන්න.

හිසකෙස්වල වියළි ස්වභාවයට


දෙහි යුෂ හා පොල්තෙල් එකට මිශ්‍රකර හිසේ ගා විනාඩි 20 කින් සෝදා ඉවත් කරන්න.

දෙහි යුෂ, අලිගැටපේර, මී පැණි එකතු කර මිශ්‍රණයක් සාදා හිසේ ගාන්න.

දෙහි යුෂ, පොල් වතුර සමඟ මිශ්‍ර කර හිසේ ගාන්න.

හිස්හොරි

හිස්හොරි

ඔබත් හිස්හොරි වලින් පීඩා විදින කෙනෙක්ද එහෙනම් මේ tips අතහදා බලන්න.

Read More

කාන්තා පාර්ශවය අතර පමණක් නොව අද වනවිට පිරිමි පාර්ශවය අතරත් සුලභව දකින්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට හිස්හොරි හදුන්වන්න පුළුවන්. ඔබගේ හිසකෙස් නිරෝගී කෙස් කලඹක් කර ගැනීමට නම් ඔබේ පිරිසිදුකම ගැන මුලිකත්වයක්  දිය යුතුයි. ඔබ භාවිතා කරන පනාව, සබන් සහ තුවාය පිරිසිදුව මෙන්ම එය තම තනි පරිහරණයට පමණක් තබා ගැනීම අනිවාර්ය වෙනවා. ජලය වැඩිපුර පානය කිරීම හා එළවළු පලතුරු ආහාරයට එක් කර ගැනිමද වැදගත්.  ඔබ විවිධ shampoo වර්ග භාවිතා කරනවා විය හැක නමුත් ඔබටම එම දේවල් නිසේදීම සාදා ගන්න පුළුවන් එමගින් ඔබට වැඩි පෝෂණයක්ද හිසකෙස් වලට ලබා දිය හැකි වෙනවා. ඔබ දිනපතා ස්නානය කරන පුද්ගලයෙක් නම් දිනපතා සබන් ගෑමද නොකළ යුතුයි.  

 

                    හිස්හොරි ඔබව කළු වැනි තද වර්ණ භාවිතයෙන් ඈත් කරනවා. හිස්හොරි තිබීමෙන් මුහුණේ කුරුලෑ මෙන්ම හිස කෙස් වලට ආසන්නයේ කුඩා බිබිලි ඇතිවිමද සිදුවෙනවා. ඉතින් ඔබත් හිස්හොරි වලින් පීඩා විදිනවානම් මේ tips අත්හදා බලන්න.
 

  • සූදුරු ඇල්  දියෙන් අඹරා ගාන්න.
  • නෙල්ලි හා දෙහි යුෂ මිශ්‍ර කර අඹරා හිසේ ගා පැයක් පමණ තබා නාන්න.
  • දෙහි හා උළු හාල් එකට තම්බා හිසේ ගා උදේ කාලයේ නාන්න.
  • වෙරළු කොළ ඇල් දියෙන් අඹරා ගාන්න.
  • සීතෝදක තෙල් ගාන්න.
  • කුඹුක් කොළ ඇල් දියෙන් අඹරා යුෂ ගෙන හිසේ ගා විනාඩි 15 කින් සෝදා හරින්න.

 

නිරෝගීමත් කෙස්කලඹක් සුන්දර වතක්

නිරෝගිමත් කෙස්කළඹක් කියන්නේ කාන්තාවකට නම් ආභරණයක්. ඉතින් හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න ඔබටත් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

Read More
නිරෝගීමත් කෙස්කලඹක් සුන්දර වතක්

 

නිරෝගී කෙස් කළඹක් කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධාන අංගයක් වෙනවා. ලස්සන වෙන්න සිහින දකින ඔබ අනිවාරෙන්ම ඔබේ කොණ්ඩය ගැනත් අවධානය යොමු කරන්න. දිනපතා පිරිසිදු පනාවකින් හිස පිරන්න පුරුදු වෙන එක ඉතාම වැදගත්. එමගින් හිස් කබල සම්භාහනය වීමක් ඔබ නොදැනුවත්වම සිදුවෙනවා. ඒ වගේම පිරිසිදු ජලය පානය කිරීමත් වැදගත් වෙනවා. දිනපතා නෙල්ලි ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට පුළුවන් නම් එමගින් හිසකෙස් වලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් එක්කර ගැනීමේ හැකියාව ඔබට ලබාගන්න පුළුවන් වෙන්වා. 

 

              ඒ වගේම ඔබට මේ ක්‍රම අතහදා බැලීමෙන් ඔබගේ කෙස් විශ්මිත ලෙස වවා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රම එක දවසක් පමණක් භාවිතා කිරීමෙන් නම් ඔබට සාර්ථක ප්‍රතිඵලයක් නම් ලබා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් මාසයක් පමණ මේ ක්‍රම අත්හදා බලන්න ඇත්තටම ඔබ පුදුම වේවි. 

 

  • කරපිංචා කොළ 7-8

කොහොඹ කොළ 7-8

සියඹලා කුඩු තේ හැදි 3

යෝගට් තේ හැදි 3 හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා මසාජ් කර විනාඩි 20 ක් ඉන්න. ඉන් පසු මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.

 

  • ගොටුකොළ යුෂ මේස හැදි 2ක්, මී පැණි බිංදු 4ක් සමඟ උදේ සවස පානය කරන්න.

 

  • රසකිඳ කොළ යුෂ මේස හැදි 2ක් මී පැණි බිංදු 4ක් සමඟ දිනපතා පානය කරන්න.  

 

  • කරපිංචා කොළ කෝප්ප ½

උළුහාල් මේස හැදි 2

වතුර කෝප්ප ½ හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා පැය 2 ක් ඉන්න. මද උණු වතුරින් සෝදා හරින්න. ඉන් පසුව මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.

සතියකට වරක් භාවිතා කරන්න.

 

  • කරපිංචා කොළ කෝප්ප ½

වතුර කෝප්ප 1 විනාඩි 2 ක් මද ගින්නේ වතුර රත් කර ගන්න. ඉන් පසුව වතුර කොළ පැහැ වන තෙක් කරපිංචා කොළ එකතු කර රත් කර ගන්න. නිවෙන්නට හැර පෙරා හිසේ ගා විනාඩි 15- 20 ක් ඉන්න. පසුව කොණ්ඩය සෝදා හරින්න.
 

  • උණුසුම් green tea දමා හිස මසාජ් කර සීතල වතුරින් සෝදා හරින්න.

 

  • දිය ලබු ඉස්ම ස්වල්පයක් හිසේ ආලේප කරන්න.

 

  • සේපාලිකා ඇට තම්බා එම වතුරින් උදෑසන හිස සෝදන්න.

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts