1. ලේ වඩවන ආහාර
පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට
2. ඇට මිදුළු වඩවන ආහාර
කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග
3. මොළයට හිතකර ආහාර
ගොටුකොළ, ගිතෙල්, කිරි
4. හදවතට හිතකර ආහාර
මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු
5. බඩගිනි වඩවන ආහාර
අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි
6. මුත්‍රා වඩවන ආහාර
ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ
7. මේදය වඩවන ආහාර
වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්
හිස්හොරි සඳහා
දෙහි ගැට, උළුහාල් තම්බා එයට ගොඩපර පොඩිකර එකතු කරන්න. එම මිශ්‍රණය හිස්කබලේ ආලේප කරන්න. දින කිහිපයක් මෙය කරන්න.
නෙල්ලි කුඩු, මී පැණි හා දෙහි යුෂ එකට එකතු කර හිසේ ගාන්න.
දෙහි යුෂ, ඔලිව් ඔයිල් හා ජලය සම ප්‍රමාණවලින් ගෙන හිසේ ආලේප කර ටික වේලාවකින් shampoo යොදා සෝදන්න.
හිසකෙස්වල වියළි ස්වභාවයට
දෙහි යුෂ හා පොල්තෙල් එකට මිශ්‍රකර හිසේ ගා විනාඩි 20 කින් සෝදා ඉවත් කරන්න.
දෙහි යුෂ, අලිගැටපේර, මී පැණි එකතු කර මිශ්‍රණයක් සාදා හිසේ ගාන්න.
දෙහි යුෂ, පොල් වතුර සමඟ මිශ්‍ර කර හිසේ ගාන්න.
කාන්තා පාර්ශවය අතර පමණක් නොව අද වනවිට පිරිමි පාර්ශවය අතරත් සුලභව දකින්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට හිස්හොරි හදුන්වන්න පුළුවන්. ඔබගේ හිසකෙස් නිරෝගී කෙස් කලඹක් කර ගැනීමට නම් ඔබේ පිරිසිදුකම ගැන මුලිකත්වයක් දිය යුතුයි. ඔබ භාවිතා කරන පනාව, සබන් සහ තුවාය පිරිසිදුව මෙන්ම එය තම තනි පරිහරණයට පමණක් තබා ගැනීම අනිවාර්ය වෙනවා. ජලය වැඩිපුර පානය කිරීම හා එළවළු පලතුරු ආහාරයට එක් කර ගැනිමද වැදගත්. ඔබ විවිධ shampoo වර්ග භාවිතා කරනවා විය හැක නමුත් ඔබටම එම දේවල් නිසේදීම සාදා ගන්න පුළුවන් එමගින් ඔබට වැඩි පෝෂණයක්ද හිසකෙස් වලට ලබා දිය හැකි වෙනවා. ඔබ දිනපතා ස්නානය කරන පුද්ගලයෙක් නම් දිනපතා සබන් ගෑමද නොකළ යුතුයි.
හිස්හොරි ඔබව කළු වැනි තද වර්ණ භාවිතයෙන් ඈත් කරනවා. හිස්හොරි තිබීමෙන් මුහුණේ කුරුලෑ මෙන්ම හිස කෙස් වලට ආසන්නයේ කුඩා බිබිලි ඇතිවිමද සිදුවෙනවා. ඉතින් ඔබත් හිස්හොරි වලින් පීඩා විදිනවානම් මේ tips අත්හදා බලන්න.
නිරෝගිමත් කෙස්කළඹක් කියන්නේ කාන්තාවකට නම් ආභරණයක්. ඉතින් හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න ඔබටත් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.
Read More
නිරෝගී කෙස් කළඹක් කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධාන අංගයක් වෙනවා. ලස්සන වෙන්න සිහින දකින ඔබ අනිවාරෙන්ම ඔබේ කොණ්ඩය ගැනත් අවධානය යොමු කරන්න. දිනපතා පිරිසිදු පනාවකින් හිස පිරන්න පුරුදු වෙන එක ඉතාම වැදගත්. එමගින් හිස් කබල සම්භාහනය වීමක් ඔබ නොදැනුවත්වම සිදුවෙනවා. ඒ වගේම පිරිසිදු ජලය පානය කිරීමත් වැදගත් වෙනවා. දිනපතා නෙල්ලි ගෙඩියක් ආහාරයට එක් කර ගැනීමට පුළුවන් නම් එමගින් හිසකෙස් වලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් එක්කර ගැනීමේ හැකියාව ඔබට ලබාගන්න පුළුවන් වෙන්වා.
ඒ වගේම ඔබට මේ ක්‍රම අතහදා බැලීමෙන් ඔබගේ කෙස් විශ්මිත ලෙස වවා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රම එක දවසක් පමණක් භාවිතා කිරීමෙන් නම් ඔබට සාර්ථක ප්‍රතිඵලයක් නම් ලබා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් මාසයක් පමණ මේ ක්‍රම අත්හදා බලන්න ඇත්තටම ඔබ පුදුම වේවි.
කොහොඹ කොළ 7-8
සියඹලා කුඩු තේ හැදි 3
යෝගට් තේ හැදි 3 හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා මසාජ් කර විනාඩි 20 ක් ඉන්න. ඉන් පසු මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.
උළුහාල් මේස හැදි 2
වතුර කෝප්ප ½ හොදින් බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා පැය 2 ක් ඉන්න. මද උණු වතුරින් සෝදා හරින්න. ඉන් පසුව මෘදු shampoo වර්ගයකින් සෝදා හරින්න.
සතියකට වරක් භාවිතා කරන්න.
වතුර කෝප්ප 1 විනාඩි 2 ක් මද ගින්නේ වතුර රත් කර ගන්න. ඉන් පසුව වතුර කොළ පැහැ වන තෙක් කරපිංචා කොළ එකතු කර රත් කර ගන්න. නිවෙන්නට හැර පෙරා හිසේ ගා විනාඩි 15- 20 ක් ඉන්න. පසුව කොණ්ඩය සෝදා හරින්න.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts