Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

යෝග

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න

Read More

රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. 

 

යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. 

 

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි. 

 

ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.

 

ස්වභාවික නැවුම් එළවලු පලතුරු  ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ. 

 

මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය. 

 

ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.

බලාසන

යෝග ලිපි මාලාව - 1

Read More
බලාසන

බලාසනය තුළින් ඔබේ,

 

  • සිත සන්සුන් කරයි. 

 

  • සිරුරේ නම්‍යතාවය වැඩි කරයි.

 

  • ඉකිළි, උදරය, කළවා හා ප්‍රජනක අවයවවල මාංසපේශි ශක්තිමත් කරයි.

 

  • කොන්දේ වේදනාවන් සුවපත් කරයි.

 

මේ ආසන වලින් කෙතරම් වාසි ලැබෙනවා යැයි කිව්වද ඒවා ලබා ගත හැක්කේ ඔබේ උනන්දුව හා කැපවීම මතයි. දිනපතා පුහුණු කිරීම තුළින් ඔබට වඩා යහපත් ප්‍රතිඵල අත් කරගන්න පුලුවන්.
 

මෙම යෝග ආසන පුහුණු වීමේදී සෑම විටම හුස්ම සමඟම කිරීමට වග බලා ගන්න. ඒ වගේම ආසනයේ රැදී සිටින කාලය අතරතුර හොඳින් හුස්ම ගන්න. 
 

ඒ වගේම සෑම දිනකම විනාඩි 5- 10 තෙක් මෙම ආසනය පුහුණු කිරීම තුළින් ඔබට කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.

තරුණබව සුරකින යෝග ව්‍යායාම

තරුණබව සුරකින යෝග ව්‍යායාම

යෝග ලිපි මාලාව

Read More

යෝග ව්‍යායාම කියන වචනය අපිටනම් ඉතින් නුහුරු වචනයක් නෙමෙයි. අපි හැමෝම දන්නවා මේ යෝග නිසා අපේ සිරුරට ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබෙනව කියලා. මේ සේරම ගැන අපි දන්නව වුනත් මොකක් හෝ අවාසනාවකට අපි ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් නම් ගන්නෙ නෑ. ඉතින් අපි තීරණය කලා මේ යෝග ව්‍යායාම ගැන තවදුරටත් ඔබව දැනුවත් කරන්න යෝග ලිපි මාලාවක් අපේ web site එක හරහා ගෙන එන්න.

ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ යෝග ආසනවල තියෙන වැදගත්කම් ගැන දැනුවත් වෙලා ඒවයින් ඔයාලගෙ ජිවිතේ ලස්සන කරගන්න කියලා suwaarna අපි ඔයාලට ආරාධනා කරනවා.

ඇත්තටම යෝග කියන්නේ අපේ සිරුරේ නිරෝගිකම වගේම තරුණබවත් ආරක්ෂා කරන ස්වභාවික ව්‍යායාම ක්‍රමයක්. ඈත අතීතයේ ජිවත් වුණු සෘෂි වරුන් තමන්ගේ තරුණ බව රැක ගත්තේ යෝග ව්‍යායාම කිරීමෙන්  කියලා මතයක් තියෙනවා. යෝග ව්‍යායාම වල ආසන අසුවකටත් අධික ප්‍රමාණයක් තිබෙනවා.

හැබැයි ඒ හැම ව්‍යායාමයක්ම කරන්න ඕනෙ නෑ. ඔයාලට තියෙන ගැටළු අනුව ( රෝගී තත්ව) මේ ව්‍යායාම තොරගන්න පුළුවන්. ඒ වගේම හරිම පහසුවෙන් කරන්න පුලුවන් යෝග ආසන තෝර ගෙන ඒවා පුහුණු කිරීමෙන් වුනත් ඔයාලට මහත් වූ ගුණදායක ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්.

ඒ වගේම මතක් කරන්න ඕනේ ගැබිණි මවුවරුන්, ශල්‍යකර්මවලට ලක්වුන අය මේ ව්‍යායාම තමන්ගේ හිතුමනාපෙට කරන්න යන්න එපා. ඒ සඳහා යෝග ගුරුවරයෙකුගේ උපදෙස් ගන්නවනම් තමා හොද.


ඒ වගේම එකවර බර ව්‍යායාම කිරීමෙන් වැළකිය යුතුයි. එහිදී අනවශ්‍ය ආකාරයෙන් සිරුර නැවීමට ආදිය නොකළ යුතුයි. දිනපතා පුහුණුව තුළින් ඔබට මෙම ආසනවල නියමාකාරයෙන් නිරත වීමේ හැකියාව ලැබේවි එතෙක් ඔබ ඔබට හැකි ආකාරයෙන් ආයාසයකින් තොරව මෙම ආසන වල නියැලෙන්න. ඒ වගේම කෑම කෑ විගසම මෙම ව්‍යායාම වල නිරත වෙන එකත් අහිතකරයි.

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts