ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
බලාසනය තුළින් ඔබේ,
මේ ආසන වලින් කෙතරම් වාසි ලැබෙනවා යැයි කිව්වද ඒවා ලබා ගත හැක්කේ ඔබේ උනන්දුව හා කැපවීම මතයි. දිනපතා පුහුණු කිරීම තුළින් ඔබට වඩා යහපත් ප්‍රතිඵල අත් කරගන්න පුලුවන්.
මෙම යෝග ආසන පුහුණු වීමේදී සෑම විටම හුස්ම සමඟම කිරීමට වග බලා ගන්න. ඒ වගේම ආසනයේ රැදී සිටින කාලය අතරතුර හොඳින් හුස්ම ගන්න.
ඒ වගේම සෑම දිනකම විනාඩි 5- 10 තෙක් මෙම ආසනය පුහුණු කිරීම තුළින් ඔබට කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
යෝග ව්‍යායාම කියන වචනය අපිටනම් ඉතින් නුහුරු වචනයක් නෙමෙයි. අපි හැමෝම දන්නවා මේ යෝග නිසා අපේ සිරුරට ගොඩක් යහපත් ප්‍රතිඵල ලැබෙනව කියලා. මේ සේරම ගැන අපි දන්නව වුනත් මොකක් හෝ අවාසනාවකට අපි ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් නම් ගන්නෙ නෑ. ඉතින් අපි තීරණය කලා මේ යෝග ව්‍යායාම ගැන තවදුරටත් ඔබව දැනුවත් කරන්න යෝග ලිපි මාලාවක් අපේ web site එක හරහා ගෙන එන්න.
ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ යෝග ආසනවල තියෙන වැදගත්කම් ගැන දැනුවත් වෙලා ඒවයින් ඔයාලගෙ ජිවිතේ ලස්සන කරගන්න කියලා suwaarna අපි ඔයාලට ආරාධනා කරනවා.
ඇත්තටම යෝග කියන්නේ අපේ සිරුරේ නිරෝගිකම වගේම තරුණබවත් ආරක්ෂා කරන ස්වභාවික ව්‍යායාම ක්‍රමයක්. ඈත අතීතයේ ජිවත් වුණු සෘෂි වරුන් තමන්ගේ තරුණ බව රැක ගත්තේ යෝග ව්‍යායාම කිරීමෙන් කියලා මතයක් තියෙනවා. යෝග ව්‍යායාම වල ආසන අසුවකටත් අධික ප්‍රමාණයක් තිබෙනවා.
හැබැයි ඒ හැම ව්‍යායාමයක්ම කරන්න ඕනෙ නෑ. ඔයාලට තියෙන ගැටළු අනුව ( රෝගී තත්ව) මේ ව්‍යායාම තොරගන්න පුළුවන්. ඒ වගේම හරිම පහසුවෙන් කරන්න පුලුවන් යෝග ආසන තෝර ගෙන ඒවා පුහුණු කිරීමෙන් වුනත් ඔයාලට මහත් වූ ගුණදායක ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්.
ඒ වගේම මතක් කරන්න ඕනේ ගැබිණි මවුවරුන්, ශල්‍යකර්මවලට ලක්වුන අය මේ ව්‍යායාම තමන්ගේ හිතුමනාපෙට කරන්න යන්න එපා. ඒ සඳහා යෝග ගුරුවරයෙකුගේ උපදෙස් ගන්නවනම් තමා හොද.
ඒ වගේම එකවර බර ව්‍යායාම කිරීමෙන් වැළකිය යුතුයි. එහිදී අනවශ්‍ය ආකාරයෙන් සිරුර නැවීමට ආදිය නොකළ යුතුයි. දිනපතා පුහුණුව තුළින් ඔබට මෙම ආසනවල නියමාකාරයෙන් නිරත වීමේ හැකියාව ලැබේවි එතෙක් ඔබ ඔබට හැකි ආකාරයෙන් ආයාසයකින් තොරව මෙම ආසන වල නියැලෙන්න. ඒ වගේම කෑම කෑ විගසම මෙම ව්‍යායාම වල නිරත වෙන එකත් අහිතකරයි.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts