Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

දෙතොල්

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

මුළුතැන්ගෙට නැ තිවම බැරි ගොරකා වල ඇති ගුණ ගැන දැන ගනිමු.

Read More

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක්‌ උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී  වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.

                         

               ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.  දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.

තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.


ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
 

  • ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ. 
     
  • උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
     
  • වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා  තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
     
  • දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.

අවපැහැ දෙතොල සුන්දර කරන Tips

සුන්දර දෙතොලක් ඔබේ මුහුණට එක් කරන අලංකාරය කියල නිම කරන්න බැරි තරම්

Read More
අවපැහැ දෙතොල සුන්දර කරන Tips

 

දෙතොල් කියන්නේ මුහුණේ අලංකාරය වැඩි කරන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියක්. කාන්තාවන් විදිහට ඔබ දෙතොල් ගැන වැඩි අවදානයක් දීම වැදගත් වෙනවා. මොකද ඉරි  තැලුන, අවපැහැ ගැන්වුන දෙතොල් ඔබගේ මුහුණට සුන්දරත්වයක් නම් එක් කරන්නේ නැහැ. ඉතින් ඔබත් සුන්දර දෙතොලක හිමිකාරියක් වීමට සිහින දකිනවා නම් දෙතොල් පිළිබද සැළකිලිමත් වී, මේ උපදෙස් කිහිපය අත්හදා  බලන්න. ඔබටත් ටික දිනකින්ම පහසුවෙන්ම සුන්දර නිරෝගීමත් දෙතොලක් හිමිකර ගැනීමට හැකි වේවි. 

 

  • දෙතොල්වල නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට ජලය පානය කිරීම වැදගත් නිසා නිතර ජලය පානය කරන්න.
     
  • දෙතොල්වල මැරුණු සම ඉවත් කිරීමට ලුණු කුඩු ස්වල්පයක් හෝ දුබුරු සීනි ස්වල්පයක් දෙතොල් මත තබා මෘදුව පිරිමදින්න. මෙය දෙතොල් වලට කදිම ස්ක්‍රිබ් සත්කාරයකි.
     
  • කැරට් යුෂ, බීට් යුෂ ආලේප කරන්න.
     
  • සීනි බටර් සමග මිශ්‍ර කර ඝන ආලේපයක් ලෙස ආලේප කරන්න.
     
  • කහ කුඩු කිරි සමග  මිශ්‍ර කර තොල් වල ආලේප කරන්න. මෘදු දත් බුරුසුවක් ගෙන තොල් පිරිසිදු කරන්න. නැවත විනාඩි 2 -3 කට පසු නැවත මෘදුව පිරිසිදු කරන්න.
     
  • දිනපතා නින්දට පෙර විටමින් E ගල්වා මසාජ් කරන්න.
     
  • දබරගිල්ල තොල් අයිනේ තබා රවුමට මසාජ් කරන්න. ඉන් පසුව ඇතුල් පැත්තට මසාජ් කරන්න.
     
  • මී පැණි තොල්වල ආලේප කර පැය භාගයක් තිබෙන්නට හැර සෝදා හරින්න.  
     
  • ඇස් වල ආලේප කිරීමට යොදා ගන්න Eye cream ස්වල්පයක් රාත්‍රී නින්දට පෙර තොල් මත ආලේප කරන්න. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts