ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.
යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්.
කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි.
ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.
ස්වභාවික නැවුම් එළවලු පලතුරු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ.
මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය.
ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.
1. ලේ වඩවන ආහාර
පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට
2. ඇට මිදුළු වඩවන ආහාර
කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග
3. මොළයට හිතකර ආහාර
ගොටුකොළ, ගිතෙල්, කිරි
4. හදවතට හිතකර ආහාර
මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු
5. බඩගිනි වඩවන ආහාර
අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි
6. මුත්‍රා වඩවන ආහාර
ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ
7. මේදය වඩවන ආහාර
වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්
පුණ්‍ය කාලය
අප්‍රේල් 13
අපරභාග 01:59 සිට පූර්වභාග 02:47
අලුත් අවරුදු උදාව
අප්‍රේල් 13
අපරභාග 08:23
අහාර පිසීම
අප්‍රේල් 13
අපරභාග 10:05
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් 13
අපරභාග 10:43
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා
හිසතෙල් ගෑම
අප්‍රේල් 15
අපරභාග 07:17
පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා
රැකී රක්ෂා සදහා පිටත්ව යාම
අප්‍රේල් 17
අපරභාග 07:56
ළා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා
පැල සිටවීම
අප්‍රේල් 19
අපරභාග 11:38
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිතරම භාවිතා වෙන මිනුම් වර්ග කිහිපයක් තියෙනවා. ඔබත් සිංහල බෙහෙත් එක වරක් හෝ භාවිතා කර ඇත්නම් මේ මිනුම් ඔබටත් හමුවෙලා ඇති.
ඉතින් මෙම මිනුම් පිළිබඳව පොඩි හෝ දැනුමක් තිබීම ඔබට ප්‍රයොජනවත් වේවී.
කළං
අතීතයේ තඹ කාසි දෙවර්ගයක් භාවිතා කල අතර එයින් බර කාසිය කළදක් ලෙස යොදා ගැනිනි. නමුත් වර්තමානයේ එය ග්‍රෑම් 5 ක් ලෙස සළකයි.
මදට
මදටිය ඇට 20 ක බර ප්‍රමාණයයි.
අවුන්ස
මිලි ලීටර් 30 ක ප්‍රමාණයක් අවුන්සයක් ලෙස සළකයි.
පත
පත යනු අඩු කෝප්ප 1කි. පත 8 1 ට සිදුවා ගන්න යනු අඩු කෝප්ප 8 ක ජලය දමා එය එක අඩු කෝප්පයක් වනතුරු හිද ගැනීමයි.
මංචාඩි 1
මිලි ග්‍රෑම් 250 ක බර ප්‍රමාණයක් මංචාඩි 1 ක් ලෙස සළකයි.
ලෝකයටම හිසරදයක් වී ඇති මේ නව කොරෝනා වෛරසය (COVID - 19) දැන් අපිටත් හිසරදරයක් වෙලා කියන එක අමුතුවෙන් කියන්න ඔනෙ දෙයක් නෙමෙයිනේ.
මෙහිදී ඇතිවෙන රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, කිවිසුම් යාම, මහන්සිය, ඇග සීතල වීම, දහඩිය දැමීම, දනහිස් කැක්කුම, හතිය ප්‍රධාන වශයෙන් දක්වන්න පුලුවන්.
ඉතින් හොද සෞඛ්‍යය පුරුදු පුරුදුකර ගත්තොත්නම් අපිටත් පුළුවන් වේවි මේ කරදරකාරී වෛරසයෙන් බේරෙන්න.
මේ සඳහා,
මීට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයකර ගැනීමත් ඉතාම වැදගත්. යම් හේතුවකින් වෛරසය ඔබට ආසාදනය උනහොත් එය සමඟ හොදින් සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ලැබෙන නිසා.
ඒ සදහා,
ඉතින් මේ දේවල් ගැන දැනටමත් අපිටත් වඩා ඔබ දැනුවත් ඇති නමුත් ඔබ මේ දෙවල් ගැන දැනුවත් වීම විතරක් වැදගත් වන්නේ නෑ වැදගත් වෙන්නේ මේ පුරුදු භාවිතා කිරීමෙන් කොතරම් දුරකට මේ වෛරසයෙන් බේරෙන්න ක්‍රියා කරනවාද කියන එකයි.
ඒ වගේම මෙහිදී ආත්මාර්ථකාමී නොවීම වඩා වැදගත් වෙනවා. යම් හෙයකින් ඔබට මේ වෛරස් රෝගයේ රෝග ලක්ෂණ ඇති බව තේරුම් ගියහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යෑම වැදගත් වෙනවා. එහිදී වෛද්‍යවරයා වෙත යනතෙක් ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව සිටීම වගේම මුඛ ආවරණයක් පැළදීමත් වඩා වැදගත් වෙනවා. ඒ මඟින් ඔබ මෙන්ම ඔබගේ පවුලේ ආරක්ශාව තහවුරු කර ගැනීමටත් ඔබට හැකියාව ලැබේවි.
ලංකා වාසීන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට මේ වෛරස රෝගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න සුව අරණ අපි ප්‍රාර්ථනා කරමු.
ආහාර මාර්ගයට යම් විසබීජයක් ඇතුළු වීමෙන් ඇතිවන තත්වයක් පාචනය ලෙස හදුන්වනවා. මෙහිදී වයිරස හෝ බැක්ටීරියා මගින් ශරීරය තුළ අසාත්මිකතා ඇති කරනවා. අපිරිසිදු ආහාර පාන මගින් මේ තත්වය ඇතිවෙන්න ප්‍රධානම හේතුව ලෙස දක්වන්න පුළුවන්.
වමනය, බඩ විරේක වීම, බඩේ රුදාව, ඇගපත වේදනාව හා සම වියලීම ආදී රෝග ලක්ෂණ මෙහිදී ඇති වෙනවා.
උතුරවා නිවාගත් පිරිසිදු ජලය පානයෙන්, ආහාර පිරිසිදුව පිස ගැනීමෙන් හා පලා වර්ග හොදින් සෝදා පිරිසිදුව පිස ගැනීමෙන් පමණක් නොව පිරිසිදුව පිසගත් ආහාර සතුන් නොවසන ආකාරයෙන් අසුරා තැබීම මගින්ද මෙම රෝගී තත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.
මෙහිදී ප්‍රතිකාර වශයෙන් නිවසේදී, 3-4 වරකට වඩා බඩ විරේක වනවානම් ශරීරය විජලනය වීම වැළැක්වීමට ජීවනී, තැඹිලි වතුර, පිරිසිදු ජලය වරින් වර බීමට දීය හැකියි.
බඩ විරේක වීම හා වමනය වැනි තත්වයන් අධිකව ඇති විට නම් වෛද්‍යවරයෙක් වෙත යෑම වඩා සුදුසු වේ.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts