Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

ඔබේ දැනුමට

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

බාල මහළු සැමට තේරීමකින් තොරව භාවිතා කළහැකි මෙම ප්‍රතිකර්මය ඔබත් අත්හදා බලන්න.

Read More

සීත කාලගුණවලදී පමණක් නොව නිතර නිතර මිනිසුන්ට වදදෙන රෝගී තත්වයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව හදුන්වන්න පුළුවන්. කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනාම අල්ලක් පිරෙන්න බෙහෙත් අහුරක් බොන්න අකමැති කෙනෙක් නම් ඔබ මෙන්න මේ බෙහෙත ගැන දැනුවත්ව සිටීම වැදගත් වේවි. මොකද කැස්සක් වුනත් ඉබේ හොදවෙනකම්  බලන් ඉන්නේ නැතුව සිංහල බෙහෙතකින් හරි ඉක්මනට හොඳ කරගන්න එක කෝකටත් ගුණදායකයි.

 

මේ පානය සකස් කරන්න ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නේ කැරට්. පෝෂණ ගුණයන්ගෙන් අනුන එළවළුවක් ලෙස කැරට් හදුන්වන්න පුළුවන්. අධිරුධිර පිඩනයට වගේම දියවැඩියාව රෝගයටත් ඉතාම ගුණදායකයි. 

 

අපි දැන් බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:  කැරට්, පිරිසිදු මී පැණි මේස හැදි 4ක්, ජලය 

 

සකස් කරගන්නා අන්දම: 

 

                               පළමුව පිරිසිදු කරගත් කැරට් කුඩා කැබලි වලට කපා ගන්න. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වන තරමට තම්බා ගන්න. කැරට් තම්බා ගත්ත වතුර විසික් කරන්න නම්  එපා එය පැත්තකි තබා ගන්න. තම්බාගත් කැරට් කෑලි ටික blend කර juice එක හදාගන්න. අපි අර කලින් පැත්තකින් තිබ්බ කැරට් තම්බපු වතුර එක දැන් අරගෙන එයට මී පැණි ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදපු carrot juice එක එකතු කරලා හොදින් කලවම් කරගන්න. 

 

දැන් අපි කැස්සට ගුණදෙන කැරට් පානය සකසා ගෙන නම් ඉවරයි නමුත් එම පානය ශීතකරණයේ නම් තියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ මේ පානයෙන් තේ හැදි 3 ක් හෝ 4 ක් බොන්න. දින 2කින් ඔබට සහනයක් ලැබේවි. 

 

මේ බෙහෙතින් ඔබේ පෙනහළු වල ඇති සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් සහනයක් ගෙන දේවි. 

 

ඔබේ අතින්ම සකස් කරගන්නා මෙම පානය වෙනත් ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වෙනවා වගේම අතුරු ආබාධ වලිනුත් තොර බව ඉතින් අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නෑනේ. ඉතින් ඔබත් මේ වටිනා ඖෂධය භාවිතා කර සුවය සලසා ගන්න. 

 

                                                                                                                                                                                                                            - සැකසුම: මව්බිම පුවත්පත ඇසුරිනි -

 

 

 

රක්තහීනතාවයෙන් මිදෙන්න

මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න

Read More
රක්තහීනතාවයෙන්  මිදෙන්න

රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. 

 

යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. 

 

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි. 

 

ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.

 

ස්වභාවික නැවුම් එළවලු පලතුරු  ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ. 

 

මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය. 

 

ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරයට ගමුද

Read More

1. ලේ වඩවන ආහාර

පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට

 

2. ඇට මිදුළු වඩවන ආහාර

කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග

 

3. මොළයට හිතකර ආහාර

ගොටුකොළ, ගිතෙල්, කිරි

 

4. හදවතට හිතකර ආහාර 

මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු

 

5. බඩගිනි වඩවන ආහාර

අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි

 

6. මුත්‍රා වඩවන ආහාර

ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ

 

7. මේදය වඩවන ආහාර

වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්

සිංහල අලුත් අවරුදු ලිත 2020

සිංහල අලුත් අවරුදු ලිත

Read More
සිංහල අලුත් අවරුදු ලිත 2020

පුණ්‍ය කාලය 

අප්‍රේල් 13
අපරභාග 01:59 සිට පූර්වභාග 02:47 


අලුත් අවරුදු උදාව 

අප්‍රේල් 13
අපරභාග 08:23


අහාර පිසීම 

අප්‍රේල් 13
අපරභාග 10:05
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා 


වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය 
අප්‍රේල් 13
අපරභාග 10:43
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා 


හිසතෙල් ගෑම 
අප්‍රේල් 15
අපරභාග 07:17
පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා 


රැකී රක්ෂා සදහා පිටත්ව යාම 
අප්‍රේල් 17
අපරභාග 07:56
ළා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා 


පැල සිටවීම 
අප්‍රේල් 19
අපරභාග 11:38

මොනවද මේ

මොනවද මේ

කළං, මදට, අවුන්ස කියන්නේ

Read More

 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිතරම භාවිතා වෙන මිනුම් වර්ග කිහිපයක් තියෙනවා. ඔබත් සිංහල බෙහෙත් එක වරක් හෝ භාවිතා කර ඇත්නම් මේ මිනුම් ඔබටත් හමුවෙලා ඇති.

 

ඉතින් මෙම මිනුම් පිළිබඳව පොඩි හෝ දැනුමක් තිබීම ඔබට ප්‍රයොජනවත් වේවී.

 

කළං

අතීතයේ තඹ කාසි දෙවර්ගයක් භාවිතා කල අතර එයින් බර කාසිය කළදක් ලෙස යොදා ගැනිනි. නමුත් වර්තමානයේ එය ග්‍රෑම් 5 ක් ලෙස සළකයි.

 

මදට

මදටිය ඇට 20 ක බර ප්‍රමාණයයි.

 

අවුන්ස

මිලි ලීටර් 30 ක ප්‍රමාණයක් අවුන්සයක් ලෙස සළකයි.

 

පත
පත යනු අඩු කෝප්ප 1කි. පත 8 1 ට සිදුවා ගන්න යනු අඩු කෝප්ප 8 ක ජලය දමා එය එක අඩු කෝප්පයක් වනතුරු හිද ගැනීමයි.

 

මංචාඩි 1

මිලි ග්‍රෑම් 250 ක බර ප්‍රමාණයක් මංචාඩි 1 ක් ලෙස සළකයි.

කොරෝනා වෛරසයෙන් මිදෙන්න නම්

මෙන්න මේ දේවල් පුරුදු වෙමු....

Read More
කොරෝනා වෛරසයෙන් මිදෙන්න නම්

ලෝකයටම හිසරදයක් වී ඇති මේ නව කොරෝනා වෛරසය (COVID - 19) දැන් අපිටත් හිසරදරයක් වෙලා කියන එක අමුතුවෙන් කියන්න ඔනෙ දෙයක් නෙමෙයිනේ.

 

මෙහිදී ඇතිවෙන රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, කිවිසුම් යාම, මහන්සිය, ඇග සීතල වීම, දහඩිය දැමීම, දනහිස් කැක්කුම, හතිය ප්‍රධාන වශයෙන් දක්වන්න පුලුවන්.

ඉතින් හොද සෞඛ්‍යය පුරුදු පුරුදුකර ගත්තොත්නම් අපිටත් පුළුවන් වේවි මේ කරදරකාරී වෛරසයෙන් බේරෙන්න.

මේ සඳහා,

  • නිතර නිතර අත් සබන් යොදා සෝදන්න.
     
  • අපිරිසිදු දෑත් වලින් මුණ කට ආදිය ඇල්ලීමෙන් වළකින්න.
     
  • නිතර උණු වතුර පානය කරන්න. මෙහිදී උගුර කට වේලීම වැළැක්වීමට විනාඩි 10 කට වරක්වත් ජලය උගුරක්වත් පානය කරන්න. මෙමගින් වෛරසය ස්වසන පද්ධතියට ඇතුළුවීම යම්තාක් දුරට වළක්වා ගැනීමටත් හැකිවේවි. 
     
  • උණු වතුර ස්නානයට යොමු වීමත් වැදගත්.
     
  • මුඛ ආවරණ පළදින්න.​​​​​​
     
  • තැන තැන කෙළ ගැසීමෙන් වළකින්න.
     
  • පොදු ස්ථාන වලින් හැකි තරම් ඈත්ව සිටින්න.


මීට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයකර ගැනීමත් ඉතාම වැදගත්. යම් හේතුවකින් වෛරසය ඔබට ආසාදනය උනහොත් එය සමඟ  හොදින් සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ලැබෙන නිසා.

ඒ සදහා,
 

  • කොත්තමල්ලි තැම්බු වතුර පානය කරන්න .
     
  • වැඩි වශහෙන් සුදු ළුණු, ගම්මිරිස්, කහ, ගොරකා, කරපිංචා, අමු ඉගුරු එදිනෙදා ආහාර වේලට එක් කරගන්න.
     
  • අයිස්ක්‍රීම්, පැණි බීම වැනි සීත ආහාර වලින් වළකින්න.
     
  • පොලොස්, පිපිඤඤා, රතු ළූණු, නිවිති, බ්‍රොකලි, වැටකොලූ වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න.
  • පළතුරු වශයෙන් දෙළුම්, ගස්ලබු, පැගිරි කුලයේ පළතුරු, කොමඩු වැඩි වශයෙන් ආහාරයට ගන්න.
     

ඉතින් මේ දේවල් ගැන දැනටමත් අපිටත් වඩා ඔබ දැනුවත් ඇති නමුත් ඔබ මේ දෙවල් ගැන දැනුවත් වීම විතරක් වැදගත් වන්නේ නෑ වැදගත් වෙන්නේ මේ පුරුදු භාවිතා කිරීමෙන් කොතරම් දුරකට මේ වෛරසයෙන් බේරෙන්න ක්‍රියා කරනවාද කියන එකයි.

 

ඒ වගේම මෙහිදී ආත්මාර්ථකාමී නොවීම වඩා වැදගත් වෙනවා. යම් හෙයකින් ඔබට මේ වෛරස් රෝගයේ රෝග ලක්ෂණ ඇති බව තේරුම් ගියහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යෑම වැදගත් වෙනවා. එහිදී  වෛද්‍යවරයා වෙත යනතෙක් ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව සිටීම වගේම මුඛ ආවරණයක් පැළදීමත් වඩා වැදගත් වෙනවා. ඒ මඟින් ඔබ මෙන්ම ඔබගේ පවුලේ ආරක්ශාව තහවුරු කර ගැනීමටත් ඔබට හැකියාව ලැබේවි.

 

ලංකා වාසීන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට මේ වෛරස රෝගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න සුව අරණ අපි ප්‍රාර්ථනා කරමු.

පාචනය හදුනා ගන්නේ

පාචනය හදුනා ගන්නේ

කොහොමද ......

Read More

ආහාර මාර්ගයට යම් විසබීජයක් ඇතුළු වීමෙන් ඇතිවන තත්වයක් පාචනය ලෙස හදුන්වනවා. මෙහිදී වයිරස හෝ බැක්ටීරියා මගින් ශරීරය තුළ අසාත්මිකතා ඇති කරනවා. අපිරිසිදු ආහාර පාන මගින් මේ තත්වය ඇතිවෙන්න ප්‍රධානම හේතුව ලෙස දක්වන්න පුළුවන්.

 

වමනය, බඩ විරේක වීම, බඩේ රුදාව, ඇගපත වේදනාව හා සම වියලීම ආදී රෝග ලක්ෂණ මෙහිදී ඇති වෙනවා.

 

උතුරවා නිවාගත් පිරිසිදු ජලය පානයෙන්, ආහාර පිරිසිදුව පිස ගැනීමෙන් හා පලා වර්ග හොදින් සෝදා පිරිසිදුව පිස ගැනීමෙන් පමණක් නොව පිරිසිදුව පිසගත් ආහාර සතුන් නොවසන ආකාරයෙන් අසුරා තැබීම මගින්ද මෙම රෝගී තත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. 

 

මෙහිදී ප්‍රතිකාර වශයෙන් නිවසේදී, 3-4 වරකට වඩා බඩ විරේක වනවානම් ශරීරය විජලනය වීම වැළැක්වීමට ජීවනී, තැඹිලි වතුර, පිරිසිදු ජලය වරින් වර බීමට දීය හැකියි. 

 

බඩ විරේක වීම හා වමනය වැනි තත්වයන් අධිකව ඇති විට නම් වෛද්‍යවරයෙක් වෙත යෑම වඩා සුදුසු වේ. 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts