ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා.
ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න.
නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි.
ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .
ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.
පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම් මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2 ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි.
නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.
එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.
එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්.
ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න.
එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.
පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.
මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා.
රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.
යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්.
කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි.
ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.
ස්වභාවික නැවුම් එළවලු පලතුරු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ.
මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය.
ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.
අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.
ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්.
පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින් කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.
2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.
3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.
4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.
5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.
1. ලේ වඩවන ආහාර
පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට
2. ඇට මිදුළු වඩවන ආහාර
කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග
3. මොළයට හිතකර ආහාර
ගොටුකොළ, ගිතෙල්, කිරි
4. හදවතට හිතකර ආහාර
මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු
5. බඩගිනි වඩවන ආහාර
අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි
6. මුත්‍රා වඩවන ආහාර
ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ
7. මේදය වඩවන ආහාර
වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්
අපි හැමෝම කැමතියි කිසිම බාධාවකින් තොරව හිනා වෙන්න වගේම අපිට ලැබෙන ආහාර තෝරා බේරා ගැනීමකින් තොරව කන්න හැකියාව තියෙනවනම්. හැබැයි මේ හැකියාවන් ඔබට ලැබෙන්නෙ ඔබේ දත් දෙපල වගේම විදුරුමසත් නිරෝගීව පවතිනවානම් පමණයි.
ඉතින් අපි අපේ මුහුණ ලස්සන කරගන්න මහන්සි වෙනවා වගේම මුඛ සෞඛ්‍ය රැකගන්නත් අපි අපේ වෙලාව වෙන්කරගන්න මතක තියාගන්න වෙනවා.
ඔබට පහසුවෙන් අත්හදා බලන්න පුලුවන් මේ අත්බෙහෙත් යොදා ගෙන ඔබේ මුඛ සෞඛ්‍ය රැකගන්න
අද වනවිට බොහෝ කාන්තාවන් අතර දක්නට ලැබෙන පොදු ගැටළුවක් ලෙස සම වියළීම දක්වන්න පුලුවන්.
ශරීරයට අවශය තරම් ජලය හා දියරමය පානයන් නොගැනීම,සිරුරට නිසි පෝෂණයක් නොලැබීම, අධික ලෙස අව්වට නිරාවරණය වීම, ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, නිතර උණු ජලය භාවිතය සම වියළීමට හේතු වශයෙන් දක්වන්න පුලුවන්.
මෙසේ සම අධිකව වියළීමෙන් කොරළ මතුවීම, වයසට වඩා වැඩිමල් බවක් දිස්වීම ආදී තත්වයන් මතු වෙනවා. ඉතින් මේ තත්වය තමන්ගේ පැහැපත්කම ගැන සිතනා ඕනම කෙනෙක්ට මානසික වදයක් වනවානම් නොඅනුමානයි.
ඉතින් සමේ වියළි බව දුරලා සමට දිදුලන ප්‍රබෝධමත් බවක් ලබා ගන්න ඔබත් මේ සත්කාර try කරලා බලන්න.
කතුරුමුරුංගා කියන්නෙ අපි ප්‍රධාන වශයෙන් මැල්ලුමක් හෝ වෑංජනයක් වශයෙන් ආහාරයට ගන්නා ශාකයක්. මෙහිදී කතුරුමුරුංගා ගහේ කොළ හා මල් ආහාරයට යෝදා ගන්නා අතරම මුල් හා පොතු ඖෂධ වශයෙන් යොදා ගනී. අපි එළවලුවක් ලෙස පමණක් ආහාරයට ගන්නා මෙහි බොහෝ ගුණ අන්තර්ගත වේ.
කතුරුමුරුංගා මල් හා කොළ දරුවන්ගේ බුද්ධි වර්ධනයට උපකාරී වේ. ඇස් පෙනීමේ දුර්වලතා, මුත්‍රා මාර්ගයේ ආසාදන, සමේ තුවාල, රත්පිත් රෝග, නින්ද නොයෑමට, ගර්භාෂයේ ඉදිමුම්, හන්දි ඉදිමුම්, කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර රෝගයට, යටි පතුල් පැලීම්, මුඛයේ තුවාල වලට වගේම සෙම් රෝග සඳහාත් කතුරුමුරුංගා ගුණ දේ. ඒ වගේම බඩගින්න වඩවයි.
කතුරුමුරුංගා මල් වියලා කුඩු කර තේ මෙන් බීමත් ගුණදායකයි. ඒ වගේම මල් තම්බා බොන්නත් පුලුවන්.
කතුරුමුරුංගා මල් එළගිතෙලෙන් බැද ආහාරයට ගැනීමෙන් රාත්‍රියේ ඇස් පෙනීමේ දුර්වලතාවයන්ට ගුණ දේ.
හන්දි ඉදිමුම් වලට කතුරුමුරුංගා කොළ හා පොතු ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුව දේ.
- මව්බිම පුවත්පත ඇසුරිනි-
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts