Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

එහෙනම් මෙන්න නොවරදින විසඳුමක්

Read More

අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.

 

ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්. 

 

පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින්  කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.

 

2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.

 

3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.

 

4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.

 

5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.

 

රක්තහීනතාවයෙන් මිදෙන්න

මෙන්න මේ දේවල් දේවල් පිළිපදින්න

Read More
රක්තහීනතාවයෙන්  මිදෙන්න

රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. 

 

යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. 

 

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි. 

 

ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.

 

ස්වභාවික නැවුම් එළවලු පලතුරු  ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ. 

 

මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය. 

 

ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

එහෙනම් මෙන්න නොවරදින විසඳුමක්

Read More

අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.

 

ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්. 

 

පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින්  කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.

 

2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.

 

3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.

 

4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.

 

5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.

 

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරයට ගමුද

Read More
ආහාරවල ගුණ දැනගෙනම

1. ලේ වඩවන ආහාර

පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට

 

2. ඇට මිදුළු වඩවන ආහාර

කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග

 

3. මොළයට හිතකර ආහාර

ගොටුකොළ, ගිතෙල්, කිරි

 

4. හදවතට හිතකර ආහාර 

මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු

 

5. බඩගිනි වඩවන ආහාර

අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි

 

6. මුත්‍රා වඩවන ආහාර

ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ

 

7. මේදය වඩවන ආහාර

වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්

මුඛ රෝග සඳහා

මුඛ රෝග සඳහා

අත්බෙහෙත්

Read More

අපි හැමෝම කැමතියි කිසිම බාධාවකින් තොරව හිනා වෙන්න වගේම අපිට ලැබෙන ආහාර තෝරා බේරා ගැනීමකින් තොරව කන්න හැකියාව තියෙනවනම්. හැබැයි මේ හැකියාවන් ඔබට ලැබෙන්නෙ ඔබේ දත් දෙපල වගේම විදුරුමසත් නිරෝගීව පවතිනවානම් පමණයි.

ඉතින් අපි අපේ මුහුණ ලස්සන කරගන්න මහන්සි වෙනවා වගේම මුඛ සෞඛ්‍ය රැකගන්නත් අපි අපේ වෙලාව වෙන්කරගන්න මතක තියාගන්න වෙනවා.


ඔබට පහසුවෙන් අත්හදා බලන්න පුලුවන් මේ අත්බෙහෙත් යොදා ගෙන ඔබේ මුඛ සෞඛ්‍ය රැකගන්න
 

  • දත්මුල් ශක්තිමත්වීමට - කුරුදු පොතු සපන්න.
     
  • දත් කැක්කුමට - අබ තම්බා කට සෝදන්න.
     
  • කටේ තුවාලවලට - නෙල්ලි කොළ තැම්බු වතුරෙන් කට සෝදන්න. මාදං පොතු තම්බා ගත් වතුරෙන් කට සෝදන්න.
     
  • මුඛයේ සියලු රෝග වලට - කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදන්න.
     
  • විදුරුමස් ඉදිමුමට - අත්තික්කා පොතු කෂාය බොන්න.
     
  • මුඛයේ දුඟඳට - කොහොඹ නැටි පිලිස්සු අළු, කහ සහ ලුණු සමඟ මිශ්‍ර කර තැම්බු වතුරෙන් කට සෝදන්න.
     
  • විදුරුමස් දියවීම වැළැක්වීමට - අමු නෙල්ලි ආහාරයට ගන්න.
     

වියළි සමට

ප්‍රතිකාර

Read More
වියළි සමට

අද වනවිට බොහෝ කාන්තාවන් අතර දක්නට ලැබෙන පොදු ගැටළුවක් ලෙස සම වියළීම දක්වන්න පුලුවන්.

ශරීරයට අවශය තරම් ජලය හා දියරමය පානයන් නොගැනීම,සිරුරට නිසි පෝෂණයක් නොලැබීම, අධික ලෙස අව්වට නිරාවරණය වීම, ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, නිතර උණු ජලය භාවිතය සම වියළීමට හේතු වශයෙන් දක්වන්න පුලුවන්.

මෙසේ සම අධිකව වියළීමෙන් කොරළ මතුවීම, වයසට වඩා වැඩිමල් බවක් දිස්වීම ආදී තත්වයන් මතු වෙනවා. ඉතින් මේ තත්වය තමන්ගේ පැහැපත්කම ගැන සිතනා ඕනම කෙනෙක්ට මානසික වදයක් වනවානම් නොඅනුමානයි.

ඉතින් සමේ වියළි බව දුරලා සමට දිදුලන ප්‍රබෝධමත් බවක් ලබා ගන්න ඔබත් මේ සත්කාර try කරලා බලන්න.
 

  • කෝමාරිකා, මී පැණි වියළි සම මත ආලේප කරන්න. 
     
  • ඔලිව්තෙල්, පොල්තෙල් සම මත ආලේප කරන්න.
     
  • යෝගට් කෝප්ප 1/2 ක්, මී පැණි මේස හැන්දක්, පොඩි කරගත් ගස්ලබු මේස හැදි 3 ක් දෙහි බිංදු කිහිපයක් දමා හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 15 ක් තබා මද රස්නෙ වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක්වත් මෙය සිදු කරන්න.
     
  •  හොඳින් පොඩිකරගත් අලිගැටපේර ගෙඩි භාගයකට මී පැණි තේ හැන්දක් හා කෝමාරිකා කෝප්ප 1/2 ක් මිශ්‍ර කර වියළි සම මත ආලේප කර පැය 1/2 කින් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න.
කතුරුමුරුංගා

කතුරුමුරුංගා

ගුණ දැනගමු

Read More

කතුරුමුරුංගා කියන්නෙ අපි ප්‍රධාන වශයෙන් මැල්ලුමක් හෝ වෑංජනයක් වශයෙන් ආහාරයට ගන්නා ශාකයක්. මෙහිදී කතුරුමුරුංගා ගහේ කොළ හා මල් ආහාරයට යෝදා ගන්නා අතරම මුල් හා පොතු ඖෂධ වශයෙන් යොදා ගනී. අපි එළවලුවක් ලෙස පමණක් ආහාරයට ගන්නා මෙහි බොහෝ ගුණ අන්තර්ගත වේ. 

 

කතුරුමුරුංගා මල් හා කොළ දරුවන්ගේ බුද්ධි වර්ධනයට උපකාරී වේ. ඇස් පෙනීමේ දුර්වලතා, මුත්‍රා මාර්ගයේ ආසාදන, සමේ තුවාල, රත්පිත් රෝග, නින්ද නොයෑමට, ගර්භාෂයේ ඉදිමුම්, හන්දි ඉදිමුම්, කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර රෝගයට, යටි පතුල් පැලීම්, මුඛයේ තුවාල වලට වගේම සෙම් රෝග සඳහාත් කතුරුමුරුංගා ගුණ දේ. ඒ වගේම බඩගින්න වඩවයි.

 

කතුරුමුරුංගා මල් වියලා කුඩු කර තේ මෙන් බීමත් ගුණදායකයි. ඒ වගේම මල් තම්බා බොන්නත් පුලුවන්.

 

කතුරුමුරුංගා මල් එළගිතෙලෙන් බැද ආහාරයට ගැනීමෙන් රාත්‍රියේ ඇස් පෙනීමේ දුර්වලතාවයන්ට ගුණ දේ.

 

හන්දි ඉදිමුම් වලට කතුරුමුරුංගා කොළ හා පොතු ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුව දේ.

 

                                          - මව්බිම පුවත්පත ඇසුරිනි-

 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts