Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

සම

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර බීමේ කලාව ඉගෙනගන්න එන්න ඇවිත් කියවන්න.

Read More

ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අපි හැමෝම දන්නා රහසක්. කිසිම අපහසුවකින් තොරව තවමත් පිරිසිදු පානිය ජලය සොයා ගන්න පුළුවන් වටපිටාවක ජිවත් වෙන අපි, ජලය පානයෙන් ලැබෙන වැසි ගැන හරියට තේරුම් අරගෙන නැති නිසා වර්තමානයේ බොහොමයක් ලෙඩරෝග වලින් පීඩා විදිනවා. 

 

ඉතින් ඔබ තුල ඇති වැරදි අවබෝධයන් නැති කරගෙන අද ඉන්දන්වත් හරියට වතුර බොන්න පුරුදු වෙන්න. 

 

නිරෝගීව ජිවත්වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් වගේම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ මතක තබා ගත යුතුම දෙයක්. සාමාන්‍යයෙන් අපේ ශරීරයට දවසකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබ දවසකට වතුරු වීදුරු 08ක් බොන්න ඕනේ කියලා, ඔබට මතක් වුන වෙලාවක එකපාරම වතුර විදුරු ගණන් බොන එක නම් වැරදියි. මොකද ඒකෙන් වෙන්න නැති ලෙඩ දාගැනීමක් විතරයි. 

 

ඔබ කාර්යබහුල පුද්ගලයෙක් වුනත්, පැය 1/2 කට සැරයක් වතුර උගුරු 3 ගානේ වත් බොන්න පුරුද්දක් ඇතිකර ගත්තොත් ඔබට නොදැනීම දවසට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ විදිහට වතුර බොන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්. නමුත් සමහරු සැරින් සැරේ washroom යන්න වෙන නිසා වතුර බොන එක හිතාමතාම අතපසු කරනවා. ඒ වුනත් මේ විදිහට වතුර බොන්න පුරුදු වුනොත් නම් ඔබට washroom යන එක ලොකු ගැටළුවක් වෙන එකක් නම් නැහැ .

 

ඔබ වතුර බොද්දි කරන තවත් වැරැද්දක් තමයි, කෑම ගන්න අතරතුර වතුර බොන්න පුරුදු වෙලා ඉන්න එක. එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ. කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් බොන එක වගේම පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරපු ගමන්, කෑම ගොඩක් අරන් ඉන්න වෙලාවටත් එකපාර වතුර ගොඩක් බොන එකත් සුදුසු වෙන්නෙ නැ.

 

පුරුද්දක් විදිහට ඔබ උදෑසන හිස්බඩ මදරස්නෙන් වතුර වීදුරුවක් බොන්න. නින්ද නිසා පැය 8 ක් විතර වේලිච්ච ඔබේ ශරීරයට මේ වැටෙන වතුර වීදුරුවා නිසා ඔබේ මුළු ශරීරයම ප්‍රාණවත් කරන්න උදව් වේවි. හැබැයි වතුර බීලා පැය 1/2 ක් විතර යනකම් කිසිම ආහාරපානයක් ගන්න එපා. ඒ වගේම ඔබ ගැස්ට්‍රික් රෝගයෙන් පීඩාවිදිනවානම්  මේ පුරුද්දෙන් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න  පුළුවන් වේවි. ඒ වගේම ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මදරස්නෙ වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1/2  ක් පමණ දමා බොන්න එය ස්ථුලභාවය මට්ටු කරන්න ඔබට උදව් වේවි. 

 

නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට අවස්ථාව පවතී. මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.

 

එමෙන්ම, හිස ආශ්‍රිතව ඇතිවන රෝග – ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) – උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.

 

එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්‍රිත රෝග – මුත්‍රා ගල් ඇතිවීමද නිවැරදිව පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. 

 

ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා වීමෙන් ඔබේ වයසට යෑමේ වේගයද අඩුවන බවද සිහියේ තබාගන්න. 

 

එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය කරගැනීමටද ඔබට හැකි වේ.

 

පහසුව නිසා වර්තමානයේදී දෙමවුපියන් තම දරුවන්ට නිරන්තරයෙන් කෘතීම වසවිෂ සහිත ආහාර පාන ලබාදීමට පෙළඹී තිබෙනවා. ඔවුනට ජලය වැඩිපුර පානය කිරීමට දීමෙන් එම ආහාරවල ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.

 

මේ ලිපියෙන් ඔයාලා වතුර බොන art එක ගැන දැනගත්තනේ ඉතින් try කරලා බලන්නත් අමතක කරන්න එපා. 

ඔබේ සමත් රැලි වැටිලද

එහෙනම් මෙන්න නොවරදින විසඳුමක්

Read More
ඔබේ සමත් රැලි වැටිලද

අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.

 

ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්. 

 

පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින්  කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.

 

2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.

 

3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.

 

4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.

 

5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.

 

වියළි සමට

වියළි සමට

ප්‍රතිකාර

Read More

අද වනවිට බොහෝ කාන්තාවන් අතර දක්නට ලැබෙන පොදු ගැටළුවක් ලෙස සම වියළීම දක්වන්න පුලුවන්.

ශරීරයට අවශය තරම් ජලය හා දියරමය පානයන් නොගැනීම,සිරුරට නිසි පෝෂණයක් නොලැබීම, අධික ලෙස අව්වට නිරාවරණය වීම, ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, නිතර උණු ජලය භාවිතය සම වියළීමට හේතු වශයෙන් දක්වන්න පුලුවන්.

මෙසේ සම අධිකව වියළීමෙන් කොරළ මතුවීම, වයසට වඩා වැඩිමල් බවක් දිස්වීම ආදී තත්වයන් මතු වෙනවා. ඉතින් මේ තත්වය තමන්ගේ පැහැපත්කම ගැන සිතනා ඕනම කෙනෙක්ට මානසික වදයක් වනවානම් නොඅනුමානයි.

ඉතින් සමේ වියළි බව දුරලා සමට දිදුලන ප්‍රබෝධමත් බවක් ලබා ගන්න ඔබත් මේ සත්කාර try කරලා බලන්න.
 

  • කෝමාරිකා, මී පැණි වියළි සම මත ආලේප කරන්න. 
     
  • ඔලිව්තෙල්, පොල්තෙල් සම මත ආලේප කරන්න.
     
  • යෝගට් කෝප්ප 1/2 ක්, මී පැණි මේස හැන්දක්, පොඩි කරගත් ගස්ලබු මේස හැදි 3 ක් දෙහි බිංදු කිහිපයක් දමා හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 15 ක් තබා මද රස්නෙ වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක්වත් මෙය සිදු කරන්න.
     
  •  හොඳින් පොඩිකරගත් අලිගැටපේර ගෙඩි භාගයකට මී පැණි තේ හැන්දක් හා කෝමාරිකා කෝප්ප 1/2 ක් මිශ්‍ර කර වියළි සම මත ආලේප කර පැය 1/2 කින් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න.

කුරුලෑ නිසා හිත කරදරෙන්ද

මෙන්න පිළියම්

Read More
කුරුලෑ නිසා හිත කරදරෙන්ද

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක්නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්.

 

කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්‍රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්‍රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝන වල ක්‍රියාකාරීත්වය දක්වන්න පුලුවන්. ඒ වගේම අපේ නොසැළකිලිමත් ක්‍රියාවන් නිසාද කුරුලෑ ඇතිවෙනවා. ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, තෙල් ආහාර අධිකව ගැනීම, ක්ෂණික ආහාර වර්ග ගැනීම, අධික ලෙස චොකලට් කෑම, නින්ද අඩුවීම, හිතුමතේ ඖෂධ වර්ග ගැනීම,  සිරුර උෂ්ණාධික වීම වගේම මානසික ආතතියත් මේ සදහා බලපානවා.

 

කුරුලෑ වර්ග කිහිපයක්ම ඇති අතර කළු හෝ සුදු හිස සහිත බිබිලි මේ අතරින් බහුලව දකින්න පුලුවන්. 

 

මුණේ බිබිලක් තියෙන එක හිතට වදයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කුරුලෑවක් දැක්කාම ඒ දැක්කවෙලේ ඉදන් අපි කරන්නේ බිබිල අල්ලන එකයි නැත්නම් ඒක කඩලා අයින් කරන්න හිතන එකයිනෙ. හැබයි මේ පුරුද්ද නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි. 

 

කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්. මේ නිසා කුරුලෑ ඇල්ලීම, කැඩීම හෝ නියපොතු වලින් මිරිකීම සිදු නොකළ යුතුයි.

 

ඉතින් මේ පුංචි බිබිලකට අපේ මූණ කැත කරන්න නොදී ගෙදරදීම පහසුවෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් කරලා මේ වදෙන් ගැලවෙමු.

 

මේ සදහා,

 

  • කොහොඹ දලු, අමු කහ, සුදු හදුන් තැම්බු ජලයෙන් මුහුණට වාෂ්ප අල්ලන්න.

 

මෙමගින් සමේ රෝම කූප විවර වී එහි තැන්පත් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වේවී. ඉන් පසුව පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කරගන්න මුහුණ පිරිසිදු කරන්න.

 

  • ලෙමන් යුෂ ස්වල්පයකින් පුළුන් කැබැල්ලක් පොගවා මුහුණේ ආලේප කර ටික වේලාවකින් ඇල් වතුරින් හෝදන්න.

 

  • කුරුලෑ ඇති තැන්වල මී පැණි ආලේප කර ටික වේලාවකින් හෝදන්න.

 

  • කෝමාරිකා මුහුණේ ගා රැයක් තිබෙන්නට හැර ඇල් වතුරින් හෝදා ඉවත් කරන්න.

 

  • තෙල් සහිත හා මස් මාංස ආහාර වර්ග ගැනීම සීමා කරන්න.

 

  • නිතර පිරිසිදු ජලය බොන්න.

 

  • විටමින් E සහ C අඩංගු එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න

​​​​​​​

  • රුධිරය පිරිසිදු කරන නෙල්ලි, රසකිද, ඉරමුසු, බෙලි මල් වැනි පාන වර්ග නිතර බොන්න.
සමේ ආසාදනවලට

සමේ ආසාදනවලට

නොවරදින අත්බෙහෙත්

Read More

සමේ ආසාදන වශයෙන් පලු මතු වීම්, කැසීම් ආදිය දක්වන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ කොච්චර කරදරකාරීද කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

 

ඉතින් මෙවැනි රෝග ලක්ෂණයක් මතු වූ සැනින් වෛද්‍යවරුන් සොයා දුවනවාට වඩා එයට ගෙදරදීම පිලියමක් යොදන්න පුලුවන්නම් කෙතරම් වටිනවාද කියා ඔබ සිතා බලන්න. 

 

පිළියම්

 

කොහොඹ කොළ, අමු කහ සමඟ තම්බා සෝදන්න.

 

වෙනිවැල්ගැට තැම්බු ජලයෙන් සෝදන්න.

 

හීන් නිදිකුම්බා තැම්බු ජලයෙන් සෝදන්න.

 

වැල්මී තැම්බු ජලයෙන් සෝදන්න.

 


සමේ ආසාදන ඇතිවූ විට ඉන් වැළකීමට වගේම සමේ නිරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව මෙවැනි බෙහෙත් වර්ග තැම්බු ජලයෙන් සතියකට වරක්වත් සේදීම කල හැකියි. 

 

ඒ වගේම මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ දිනකට වඩා මෙම තත්වය පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වේ.

ඇස් යට කළු පැහැයට තිත

මෙන්න විසඳුම්

Read More
ඇස් යට කළු පැහැයට  තිත

අපේ කලින් පොස්ට් එකෙන් ඔයාලා ඇස් වටේ කළු වීමට හේතු දැනගත්තනේ, ඉතින් අපි දැන් ඒ තත්වය වළක්වාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන දැනුවත්වෙමු. 

 

අයිස් කැට වලින් ඇස් වටා සම්බාහනය කිරීමෙන් ඇස් වටා රුධිර සංසරණය ක්‍රමවත් කරගන්න පුළුවන් වගේම ඒ මඟින් ඇස් වටා අදුරු වීමත් වළක්වාගන්න පුළුවන්. 

 

  • එළකිරි,
  • පිපිඤඤා යුෂ,
  • සමන් පිච්ච මල් වතුර,
  • කෝමාරිකා ජෙල්,
  • ඇපල් යුෂ,
  • මිදි යුෂ  


ශීතකරණයේ තබා අයිස් කැට සාදා පිරිසිදු රෙදි කැබැල්ලකට දමා ඇස් වටා සම්බාහනය කරන්න. 
 

  • තේ බෑග් දෙකක් ගෙන වතුර ටිකක් දමා ශීතකරණයේ ටික වේලාවක් තබන්න. ඊට පස්සේ ඇස් මත තබා විනාඩි 15කින් අයින් කරන්න. 
     
  • පිපිඤඤා පෙති 2 ක් හරි අල පෙති 2ක්  හරි ඇස් මත තබා විනාඩි 15කින් අයින් කරන්න.
     
  • අර්තාපල් යුෂ පුළුන් කැබලි 2ක පොඟවා ඇස් යට තබා විනාඩි 10 කින් අයින් කරන්න. 
     
  • නැවුම් එළකිරි ගෙන ඇස් වටා සියුම්ව සම්බාහනය කරන්න. 
                                               
  • බිත්තර සුදු මදයකට ලෙමන් බිංදු කිහිපයක් දමා පුළුන් කැබලි 2 ක පොගවා ඇස් යට තබා විනාඩි 10 කින් අයින් කර අයිස් වතුරින් සෝදන්න.  


ඔබේ ඇස් වටා අධික ලෙස අදුරු පැහැ වෙලා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම තමා වඩා වැදගත් වන්නේ.
 

එහෙම නැතුව සාමානය තත්ත්වයක් නම් ඔබට තියන්නේ ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ ක්‍රම අනුගමනය කරලා ඇස් වටා අදුරු පැහැය නැතිකරගන්න ඔබට පුලුවන්. 

 

 

 

ඔබේ ඇස් යට කළු පැහැ වෙලාද

ඔබේ ඇස් යට කළු පැහැ වෙලාද

එහෙනම් මේ දේවල් ඔබට වැදගත් වේවී

Read More

ඇස් යට කළු පැහැවීම අදවන විට බොහෝ යුවතියන් මුහුණදෙන ප්‍රශ්නයක්. එමඟින් ඔබේ වයසට වඩා වයස්ගත පෙනුමක් වගේම මලානික පෙනුමක් ඔබ තුලින් දිස්වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒක ඔබගේ සුන්දරත්වයට බාධාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒ නිසාම ඇස්‌ යට කළුපැහැ වීම ගැන මීට වඩා ඔබේ අවධානය යොමු කළ යුතුම වෙනවා.

ඉතින් එයට ප්‍රතිකාර හොයන්න කලින් මේ ඇස් යට කලුවීමේ තත්ත්වය ඇතිවෙන්නේ මොනවගේ වැරදි ක්‍රියාවන්ගෙන්ද කියන එක අපි සොයා බලමු.
 

  • ජලය පානය නොකිරීම.

    සිරුරට ප්‍රමාණාත්මක තරම් ජලය පානය නොකිරීමෙන්  සම වියලීම නිසාද ඇස් වටා සම කළු පැහැ වෙනවා.
     
  • සිරුරට නිසි පෝෂණය නොලැබීම නිසා

    කාර්යබහුල ජිවන රටාවන් නිසා අපි කෙටි කෑම වේල්වලට පුරුදු වෙලා ඉන්නවා, මේ නිසා සමබල ආහාර වේලක් සිරුරට නොලැබෙන නිසා මේ තත්වය වර්ධනය වෙනවා. ඉතින් එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට සම වටා අදුරු පැහැය ඉවත් කිරීමට උදව් වෙන C E K  වැනි විටමින් වර්ග සිරුරට නොලැබී යනවා. 
     
  • ඇස් වටා සම තද වීම නිසා

    මේ නිසා ඇස් වටා රුධිර සැපයුම නිසියාකාරයෙන් සිදු නොවීම නිසා ඇස් වටා පෙදෙස අඳුරු පැහැ වෙන්න හේතුවක් වෙනවා. මෙහිදී ප්‍රමිතියෙන් තොර ඇස් කණ්ණාඩි භාවිතය, වැරදි ආකාරයෙන් ඇස් වටා සම්බාහනය කිරීම, නිතර නිතර ලේන්සු ටිෂු ආදියෙන් මුහුණ පිස දැමීම ආදී අපේ වැරදි ක්‍රියාවන් නිසා ඇස් වටා සම තද වීම සිදු වෙනවා. 
     
  • අධික ලෙස නිදි මැරීම නිසාද ඇස් වටා පෙදෙස අඳුරු පැහැ වෙනවා. 
     
  •  අධික ලුණු භාවිතය

    මේ නිසා දෑස් යට කළු පැහැ වීම වගේම ඇස් යට ඉදිමීම වැනි තත්වයන්ද ඇති වෙනවා. 
     
  • වයසත් සමඟ

    වයසත් සමඟම ඇස් වටා සම අඳුරු වී රැළි සහිත ස්වභාවයක් ඇති  වෙනවා.
     
  • නිතර නිතර ඇස් වෙහෙසවීම නිසා

    ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනී තිර දෙස බලා නිසා ඇස් සියුම් සංවේදී සෛල වෙහෙසටපත් වීමෙන් ඇස් වටා අවපැහැ වීම ක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන්. 
     
  • නිවැරදි ලෙස ෆේෂල් සත්කාර නොකිරීම

    ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය, බීලිජින් අඩංගු ක්‍රීම් වර්ග භාවිතය, නිවැරදිව ක්ලේන්සර් ටෝනර් භාවිතා නොකිරීම මෙහිදී දක්වන්න පුළුවන්.

    ඒ වගේම ශරීරයේ මෙලනින් අධික වූ විට, මලබද්දය වැනි රෝගාබාධ, හිරු එළියට නිරාවරණය වීම, සමේ අසාදන වැනි තත්වයන්ද මේ සඳහා බලපානවා. 
     

ඉතින් ඔබත් මෙවැනි වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී ඇස් වටා කළු පැහැ වීම වලක්වා ගන්න.  

 

 

 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts