1. ලේ වඩවන ආහාර
පීකුදු, මස්, මුරුංගා, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සියඹලා, නිවිති, රතු තම්පලා, මෑ ඇට
2. ඇට මිදුළු වඩවන ආහාර
කුඩා මාළු, මස්, ධාන්‍ය වර්ග
3. මොළයට හිතකර ආහාර
ගොටුකොළ, ගිතෙල්, කිරි
4. හදවතට හිතකර ආහාර
මී පැණි, උළුහාල්, කූරු තම්පලා, දෙළුම්, නෙල්ලි, අඹ, තුඹ, සුදුලූණු, තිරිඟු
5. බඩගිනි වඩවන ආහාර
අමු ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි, ධාන්‍ය වර්ග, සියඹලා, කරපිංචා, සුදුලූණු, මෙනේරි
6. මුත්‍රා වඩවන ආහාර
ඉරමුසු, ගොටුකොළ, පොල්පලා, පිපිඤ්ඤා, පුහුල්, රාබු, සාරණ
7. මේදය වඩවන ආහාර
වෙඩරු, ගිතෙල්, තලතෙල්, පොල්තෙල්
අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.
ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්.
පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින් කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.
2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.
3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.
4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.
5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.
අද වනවිට බොහෝ කාන්තාවන් අතර දක්නට ලැබෙන පොදු ගැටළුවක් ලෙස සම වියළීම දක්වන්න පුලුවන්.
ශරීරයට අවශය තරම් ජලය හා දියරමය පානයන් නොගැනීම,සිරුරට නිසි පෝෂණයක් නොලැබීම, අධික ලෙස අව්වට නිරාවරණය වීම, ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, නිතර උණු ජලය භාවිතය සම වියළීමට හේතු වශයෙන් දක්වන්න පුලුවන්.
මෙසේ සම අධිකව වියළීමෙන් කොරළ මතුවීම, වයසට වඩා වැඩිමල් බවක් දිස්වීම ආදී තත්වයන් මතු වෙනවා. ඉතින් මේ තත්වය තමන්ගේ පැහැපත්කම ගැන සිතනා ඕනම කෙනෙක්ට මානසික වදයක් වනවානම් නොඅනුමානයි.
ඉතින් සමේ වියළි බව දුරලා සමට දිදුලන ප්‍රබෝධමත් බවක් ලබා ගන්න ඔබත් මේ සත්කාර try කරලා බලන්න.
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක්නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්.
කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්‍රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්‍රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝන වල ක්‍රියාකාරීත්වය දක්වන්න පුලුවන්. ඒ වගේම අපේ නොසැළකිලිමත් ක්‍රියාවන් නිසාද කුරුලෑ ඇතිවෙනවා. ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, තෙල් ආහාර අධිකව ගැනීම, ක්ෂණික ආහාර වර්ග ගැනීම, අධික ලෙස චොකලට් කෑම, නින්ද අඩුවීම, හිතුමතේ ඖෂධ වර්ග ගැනීම, සිරුර උෂ්ණාධික වීම වගේම මානසික ආතතියත් මේ සදහා බලපානවා.
කුරුලෑ වර්ග කිහිපයක්ම ඇති අතර කළු හෝ සුදු හිස සහිත බිබිලි මේ අතරින් බහුලව දකින්න පුලුවන්.
මුණේ බිබිලක් තියෙන එක හිතට වදයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කුරුලෑවක් දැක්කාම ඒ දැක්කවෙලේ ඉදන් අපි කරන්නේ බිබිල අල්ලන එකයි නැත්නම් ඒක කඩලා අයින් කරන්න හිතන එකයිනෙ. හැබයි මේ පුරුද්ද නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි.
කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්. මේ නිසා කුරුලෑ ඇල්ලීම, කැඩීම හෝ නියපොතු වලින් මිරිකීම සිදු නොකළ යුතුයි.
ඉතින් මේ පුංචි බිබිලකට අපේ මූණ කැත කරන්න නොදී ගෙදරදීම පහසුවෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් කරලා මේ වදෙන් ගැලවෙමු.
මේ සදහා,
මෙමගින් සමේ රෝම කූප විවර වී එහි තැන්පත් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වේවී. ඉන් පසුව පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කරගන්න මුහුණ පිරිසිදු කරන්න.
සමේ ආසාදන වශයෙන් පලු මතු වීම්, කැසීම් ආදිය දක්වන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ කොච්චර කරදරකාරීද කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
ඉතින් මෙවැනි රෝග ලක්ෂණයක් මතු වූ සැනින් වෛද්‍යවරුන් සොයා දුවනවාට වඩා එයට ගෙදරදීම පිලියමක් යොදන්න පුලුවන්නම් කෙතරම් වටිනවාද කියා ඔබ සිතා බලන්න.
පිළියම්
කොහොඹ කොළ, අමු කහ සමඟ තම්බා සෝදන්න.
වෙනිවැල්ගැට තැම්බු ජලයෙන් සෝදන්න.
හීන් නිදිකුම්බා තැම්බු ජලයෙන් සෝදන්න.
වැල්මී තැම්බු ජලයෙන් සෝදන්න.
සමේ ආසාදන ඇතිවූ විට ඉන් වැළකීමට වගේම සමේ නිරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව මෙවැනි බෙහෙත් වර්ග තැම්බු ජලයෙන් සතියකට වරක්වත් සේදීම කල හැකියි.
ඒ වගේම මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ දිනකට වඩා මෙම තත්වය පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වේ.
අපේ කලින් පොස්ට් එකෙන් ඔයාලා ඇස් වටේ කළු වීමට හේතු දැනගත්තනේ, ඉතින් අපි දැන් ඒ තත්වය වළක්වාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන දැනුවත්වෙමු.
අයිස් කැට වලින් ඇස් වටා සම්බාහනය කිරීමෙන් ඇස් වටා රුධිර සංසරණය ක්‍රමවත් කරගන්න පුළුවන් වගේම ඒ මඟින් ඇස් වටා අදුරු වීමත් වළක්වාගන්න පුළුවන්.
ශීතකරණයේ තබා අයිස් කැට සාදා පිරිසිදු රෙදි කැබැල්ලකට දමා ඇස් වටා සම්බාහනය කරන්න.
ඔබේ ඇස් වටා අධික ලෙස අදුරු පැහැ වෙලා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම තමා වඩා වැදගත් වන්නේ.
එහෙම නැතුව සාමානය තත්ත්වයක් නම් ඔබට තියන්නේ ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ ක්‍රම අනුගමනය කරලා ඇස් වටා අදුරු පැහැය නැතිකරගන්න ඔබට පුලුවන්.
ඇස් යට කළු පැහැවීම අදවන විට බොහෝ යුවතියන් මුහුණදෙන ප්‍රශ්නයක්. එමඟින් ඔබේ වයසට වඩා වයස්ගත පෙනුමක් වගේම මලානික පෙනුමක් ඔබ තුලින් දිස්වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒක ඔබගේ සුන්දරත්වයට බාධාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඒ නිසාම ඇස් යට කළුපැහැ වීම ගැන මීට වඩා ඔබේ අවධානය යොමු කළ යුතුම වෙනවා.
ඉතින් එයට ප්‍රතිකාර හොයන්න කලින් මේ ඇස් යට කලුවීමේ තත්ත්වය ඇතිවෙන්නේ මොනවගේ වැරදි ක්‍රියාවන්ගෙන්ද කියන එක අපි සොයා බලමු.
ඉතින් ඔබත් මෙවැනි වැරදි ක්‍රියාවන්ගෙන් වැළකී ඇස් වටා කළු පැහැ වීම වලක්වා ගන්න.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts