රුධිරයේ හිමොග්ලොබින් නම් වූ සංයෝගය අඩු වූ විට ඇතිවන රෝගී තත්වය රක්තහීනතාවය කියන එක අපි කව්රුත් දන්නා දෙයක්. මෙහිදී හිමොග්ලොබින් සැදීමට නම් ආහාර වලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, බී 12 විටමිනය, ෆෝලික් අම්ල, ප්‍රෝටීන් තිබීම වැදගත් බව නම් ඔබ ඒ හැටි නොදන්නවා විය හැකියි. ඉතින් මේ සංඝටක නිසි ආකාරයෙන් ඔබේ සිරුරට නොලැබීයාමෙන් රක්තහීනතාවයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.
යකඩ වලින් පොහොසත් ආහාර ලෙස තෝර කොළ, තම්පලා, නිවිති, ගොටුකොල, බෝංචි වර්ග, කලා ආදිය දක්වන්න පුළුවන්. ෆෝලික් අම්ලය ශාක ආහාර වල බහුලව පවතී. රැගෙන ආ අලුත ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා සම්බෝල වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට පහසුවෙන්ම මෙම විටමිනය ලබා ගන්න පුළුවන්. විටමින් බී 12, සත්ව ආහාර වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තර ආහායට ගැනීමෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්.
කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබ උදැසන කෙටි ආහාර වේලකින් පමණක් සැහීමකට පත් වෙනවා නම් සමබල ආහාර වේලකට හුරුවෙන්න වෙනවා. ඒ වගේම ආහාර ගත් විගස තේ, කෝපි, පානය කිරීම, දුම් පානය, බුලත් විට කෑම නොකළ යුතුයි. ගැබිනි හා කිරි දෙන මව්වරුන් මේ තත්ත්වයෙන් වැළකෙන්න නම් කෙටි ආහාර වලින් වැලකි පෝෂ්‍යදායි ආහාර වේලකට හුරු විය යුතුයි.
ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම, විටමින් සී අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම හා පිසීමද නොකළ යුතුයි. ඒ වගේම එළවලු පලතුරු වර්ග දිගු කාලයක් අසුරා තැබීමද නොකළ යුතුයි.
ස්වභාවික නැවුම් එළවලු පලතුරු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතා ගුණ දේ. ඒ වගේම ඒවා කොළ පැහැති එළවලු පලතුරු වීමද වඩා වැදගත් වේ.
මොනරකුඩුම්බිය, හාතාවාරිය, හීන්බෝවිටියා කැඳ මේ සඳහා ගුණදායක වේ. ඒ වගේම රකතහීනතාවයෙන් පෙලෙන රෝගියෙක් සඳහා ව්‍යංජන සකස් කිරීමේදී එළවළු වර්ග බොහෝ වේලා පිසිම නොකල යුතුය.
ඉතින්, ඔබත් මෙම කෙටි ක්‍රම භාවිතා කර රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න.
ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts