බාල මහළු සැමට තේරීමකින් තොරව භාවිතා කළහැකි මෙම ප්‍රතිකර්මය ඔබත් අත්හදා බලන්න.
Read Moreසීත කාලගුණවලදී පමණක් නොව නිතර නිතර මිනිසුන්ට වදදෙන රෝගී තත්වයක් ලෙස කැස්ස, හෙම්බිරිස්සාව හදුන්වන්න පුළුවන්. කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනාම අල්ලක් පිරෙන්න බෙහෙත් අහුරක් බොන්න අකමැති කෙනෙක් නම් ඔබ මෙන්න මේ බෙහෙත ගැන දැනුවත්ව සිටීම වැදගත් වේවි. මොකද කැස්සක් වුනත් ඉබේ හොදවෙනකම් බලන් ඉන්නේ නැතුව සිංහල බෙහෙතකින් හරි ඉක්මනට හොඳ කරගන්න එක කෝකටත් ගුණදායකයි.
මේ පානය සකස් කරන්න ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නේ කැරට්. පෝෂණ ගුණයන්ගෙන් අනුන එළවළුවක් ලෙස කැරට් හදුන්වන්න පුළුවන්. අධිරුධිර පිඩනයට වගේම දියවැඩියාව රෝගයටත් ඉතාම ගුණදායකයි.
අපි දැන් බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය: කැරට්, පිරිසිදු මී පැණි මේස හැදි 4ක්, ජලය
සකස් කරගන්නා අන්දම:
පළමුව පිරිසිදු කරගත් කැරට් කුඩා කැබලි වලට කපා ගන්න. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වන තරමට තම්බා ගන්න. කැරට් තම්බා ගත්ත වතුර විසික් කරන්න නම් එපා එය පැත්තකි තබා ගන්න. තම්බාගත් කැරට් කෑලි ටික blend කර juice එක හදාගන්න. අපි අර කලින් පැත්තකින් තිබ්බ කැරට් තම්බපු වතුර එක දැන් අරගෙන එයට මී පැණි ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදපු carrot juice එක එකතු කරලා හොදින් කලවම් කරගන්න.
දැන් අපි කැස්සට ගුණදෙන කැරට් පානය සකසා ගෙන නම් ඉවරයි නමුත් එම පානය ශීතකරණයේ නම් තියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ මේ පානයෙන් තේ හැදි 3 ක් හෝ 4 ක් බොන්න. දින 2කින් ඔබට සහනයක් ලැබේවි.
මේ බෙහෙතින් ඔබේ පෙනහළු වල ඇති සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් සහනයක් ගෙන දේවි.
ඔබේ අතින්ම සකස් කරගන්නා මෙම පානය වෙනත් ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වෙනවා වගේම අතුරු ආබාධ වලිනුත් තොර බව ඉතින් අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නෑනේ. ඉතින් ඔබත් මේ වටිනා ඖෂධය භාවිතා කර සුවය සලසා ගන්න.
- සැකසුම: මව්බිම පුවත්පත ඇසුරිනි -
ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
© 2025 Us. All Rights Reserved | Design by Us
© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts