Suwa Arana

Lets make a Healthy Life

  • සිංහල
  • English
  • රුව වඩවන ක්‍රම
    • පාද
    • හිසකෙස්
    • සම
    • දෙතොල්
  • දිව ඔසු
    • පලතුරු
    • කුළුබඩු
    • ඔසු පැළ
  • ප්‍රතිකර්ම
  • ඔබේ දැනුමට
  • යෝග

ඔසු පැළ

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

එහෙනම් මෙන්න නොවරදින විසඳුමක්

Read More

අපි හැමෝම කැමතියිනෙ හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් අපේ වයස, අපේ පුරුදු, අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයන් මත මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්. වයසට යන විටදී සම රැළි වැටීම ස්වභාවිකයි. නමුත් තරුණ වයසෙදීම සම රැලි වැටේ නම් එය ඔබේ පෙනුමට කරන බලපෑම සුළුපටු එකක් නෙමෙයි.

 

ඒ සඳහා සම හොඳින් මසාජ් කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. මෙහිදී ක්‍රමානුකූලව කාලයක් එක දිගට මසාජ් කිරීම තුලින් සම රැලි වැටීමේ තත්වයන් මග හරවා ගන්න ඔබට පුලුවන්. 

 

පළමුව මුහුණ හොදින් සෝදා ඔබ එදිනෙදා භාවිතයට ගන්නා තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

1. මැද ඇඟිලි සහ දබර ඇඟිලි වලින්  කම්මුල් දෙපස සම උඩු අතට මසාජ් කරන්න.

 

2. දබර ඇඟිලි දෙක නිකටේ හරි මැද තබා දෙපසට මසාජ් කරන්න.

 

3. නාසය කෙළවර සිට උඩු අතට දබර ඇඟිලි වලින් මසාජ් කරන්න.

 

4. ඇස් වසාගෙන ඇහිබැම යට දබර ඇගිලි මඟින් සියුම්ව පිරිමදින්න. ඇහේ යටි කොටස මහපට ඇඟිල්ලෙන් මසාජ් කරන්න.

 

5. දබර ඇඟිලි වලින් නළල දෙපැත්තට පිරිමදින්න.නිකටේ යටි කොටස් උඩු අතට මසාජ් කරන්න.

 

කතුරුමුරුංගා

ගුණ දැනගමු

Read More
කතුරුමුරුංගා

කතුරුමුරුංගා කියන්නෙ අපි ප්‍රධාන වශයෙන් මැල්ලුමක් හෝ වෑංජනයක් වශයෙන් ආහාරයට ගන්නා ශාකයක්. මෙහිදී කතුරුමුරුංගා ගහේ කොළ හා මල් ආහාරයට යෝදා ගන්නා අතරම මුල් හා පොතු ඖෂධ වශයෙන් යොදා ගනී. අපි එළවලුවක් ලෙස පමණක් ආහාරයට ගන්නා මෙහි බොහෝ ගුණ අන්තර්ගත වේ. 

 

කතුරුමුරුංගා මල් හා කොළ දරුවන්ගේ බුද්ධි වර්ධනයට උපකාරී වේ. ඇස් පෙනීමේ දුර්වලතා, මුත්‍රා මාර්ගයේ ආසාදන, සමේ තුවාල, රත්පිත් රෝග, නින්ද නොයෑමට, ගර්භාෂයේ ඉදිමුම්, හන්දි ඉදිමුම්, කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර රෝගයට, යටි පතුල් පැලීම්, මුඛයේ තුවාල වලට වගේම සෙම් රෝග සඳහාත් කතුරුමුරුංගා ගුණ දේ. ඒ වගේම බඩගින්න වඩවයි.

 

කතුරුමුරුංගා මල් වියලා කුඩු කර තේ මෙන් බීමත් ගුණදායකයි. ඒ වගේම මල් තම්බා බොන්නත් පුලුවන්.

 

කතුරුමුරුංගා මල් එළගිතෙලෙන් බැද ආහාරයට ගැනීමෙන් රාත්‍රියේ ඇස් පෙනීමේ දුර්වලතාවයන්ට ගුණ දේ.

 

හන්දි ඉදිමුම් වලට කතුරුමුරුංගා කොළ හා පොතු ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුව දේ.

 

                                          - මව්බිම පුවත්පත ඇසුරිනි-

 

සියළු රෝග නසන බලය ඇති හෙළ ඔසුව

සියළු රෝග නසන බලය ඇති හෙළ ඔසුව

නික

Read More

මීටර් 8 ක් දක්වා උසට පඳුරු ලෙස වැවෙන කුඩා ශාකයක් ලෙස හඳුනා ගත හැකි නික ශාකය බොහෝ රෝග සඳහා අත් බෙහෙතක් වශයෙන් යොදා ගනී. වැඩුණු ශාකයෙහි කඳ රතු දුඹුරු පැහැයක් ගන්න අතරම ලපටි අතු සුදුපැහැ බවකින්  යුක්ත වේ. මලේ වර්ණය අනුව වර්ග දෙකක් ඇති අතර වසර පුරාම මල් හට ගනී. කොළ, මල්, මුල්, පොතු හා ගෙඩි වශයෙන් මුළු ශාකයම ඖෂධ  ලෙස යොදා ගනී. නික කොළ කෘමි සතුන් විසර්ජකයක් ලෙසද ක්‍රියා කරයි. 

වාත රෝග, ඉදිමුම්, ආතරයිට්ස්, දද, කුෂ්ට, ඇස්  රෝග, කර්ණ රෝග, නාග විෂ, ප්ලිහාව ඉදිමීම, පණු රෝග ආදී රෝග සඳහා නික ගුණ දේ. පනුවන් සහිත තුවාල පිරිසිඳු කිරීමට යොදා ගනී. වයසට යාම වලකා තරුණ බව ආරක්ෂා කරයි. පත්‍ර යුෂ පිළිකා සෛල මර්දන හැකියාව ඇතැයි සැලකේ. 


ප්‍රතිකාර 

 

  • වාත රෝග සඳහා නික මුල් හෝ මුලේ පොතු යෙදු කෂාය ගුණ දෙන අතර නික කොළ පොට්ටනියෙන් තවන්න. 
     
  • සමේ රෝග සඳහා නික කොළ තැම්බූ වතුරෙන් සෝදන්න.
     
  • තද හිසරදයට නික කොළ ඇල්දියෙන් අඹරා තලපයක් සේ නළලේ ආලේප කරන්න.
     
  • හිස්හොරි සඳහා නික කොළ තැන්ඹු වතුරෙන් හිස සෝදන්න.
     
  • අකලට හිස කෙස් පැසීමට නික කොළ, පොකුරු වද මල් සමඟ කොටා මිරිකා ගත් යුෂ පිරිසිඳු පොල්තෙල් වලට කලවම් කර හිසේ ගාන්න.
     
  • පැසවූ ගෙඩි පිපිරවීමට නික දළු හෝ මල් ඇල් දියෙන් අඹරා ගෙඩි මත ආලේප කරන්න.
     
  • අක්ෂි රෝග සඳහා නික කොළ තැන්ඹු වතුරෙන් ඇස් සෝදන්න.
     
  • හැඳි අමාරු හා තුනටිය වේදනාවන් සඳහා නික, පාවට්ටා, එඬරු කොළ, සුදුළුණු, කොට්ට පොල්, ඉඟුරු සමව ගෙන පොට්ටනි බැඳ තවන්න.

                       

                                                                                                                                                                                                                                      - සැකසුම : මව්බිම පුවත්පත ඇසුරිනි -

මුත්‍රා රෝග වලට ගුණදෙන හෙළ ඔසුව

අක්කපාන

Read More
මුත්‍රා රෝග වලට ගුණදෙන හෙළ ඔසුව

ඉතාම වටිනා ඖෂධයක් වන අක්කපාන තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්තයි. මුත්‍ර දැවිල්ල, මුත්‍ර හිරවෙන ගතිය හා මුත්‍රාවල ගල් ආදී  මුත්‍රා රෝගවල විශේෂිත වූ ඖෂධයක් ලෙස අක්කපාන කා අතරත් ප්‍රසිද්ධයි.

ඒ වගේම වකුගඩු රෝග වලට, අක්ෂි රෝග, තැලුම්, තුවාල , උෂ්ණ රෝග ආදියටද අක්කපාන ගුණ දේ.

අක්කපාන සම්බෝලයක් ලෙස ආහාරයට ගැනීමෙන් අම්ල පිත්ත රෝගය සුවකර ගන්න පුලුවන්.  ඒ වගේම මෙම සම්බෝලය මාසයක් පමණ ආහාරයට ගන්නා විට මුත්‍රා ගල් දිය වි යනවා.

මුත්‍රා රෝග සඳහා,

 

  • අක්කපාන, කැකිරි ඇට සහ පෙනෙල ස්වල්පයක් ගෙන තම්බා  බොන්න.
     
  • අක්කපාන හා නීරමුල්ලිය මිට බැගින් ගෙන තම්බා බොන්න. 

 

 - සැකසුම : මව්බිම පුවත්පත ඇසුරිනි -

 

සිරුරේ වස විස නසන ගොටුකොළවල බලේ

සිරුරේ වස විස නසන ගොටුකොළවල බලේ

දිනපතා ගොටුකොළ පානය කිරීමෙන් ශරීරයේ තිබෙන විස නසන්න හැකිවන බව පැවසුවොත් ඔබ පිළිගන්නවාද…? 

Read More

ගොටුකොල කියන්නේ ඖෂධීය ශාකයක්. ඊට අමතරව එය එළවළුවක් ලෙසත් ආහාරයට ගන්න පුළුවන්. ගොටුකොලවල වල විටමින් වර්ග බහුලව අඩංගු වෙන නිසා ගොටුකොළ පානය මගින් බොහෝ රෝග සුවකර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

 

ශරීරයේ දැවිල්ල, උෂ්ණාධික රෝග, සෙම් රෝග, අක්ෂි රෝග, පීනස්  රෝග, හිසකෙස් ආශ්‍රිත රෝග සුව කිරීමේ බලයත් මේ ගොටුකොළ සතුව තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මේ ගොටුකොළ සතුයි.

 

අද වනවිට බොහෝ දෙනා උදැසනට කිරි වීදුරුවක් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒ  වෙනුවට උදැසන හිස්බඩ ගොටුකොල වීදුරුවක් පානය කලොත් ඔබට හිතාගන්නවත් බැරි පෝෂණයක් ඔබේ සිරුරට ලබාගන්න පුළුවන්.  ඒවගේම බොහෝ රෝග සුව කර ගන්නත් ඔබට හැකි වේවි.

 

මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ හොදින් පිරිසිදු කරගත් ගොටුකොළ මිටක් හා රතුලූණු ගෙඩි කිහිපයක් පමණයි. මේ සියල්ල එකට දමා කොටා ගත් යුෂ උදැසන හිස්බඩ පානය කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගන්න. 

රුව වඩවන කෝමාරිකා

කෝමාරිකා ශාකය සතුව පවතින මේ ගුණ ගැන ඔබ දැනුවත්ද .............

Read More
රුව වඩවන කෝමාරිකා

රුව වඩවන ඖෂධීය ශාක අතුරින් මුල් තැනක් ගන්නා කෝමාරිකා විටමින් A, C, E, B1, B2, B12, ෆෝලික් ඇසිඩ්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විත වේ. කෑම අරුචිය, අර්ශස්, බඩ පුරවා දැමීම, මළ බද්දය ආදී ආමාශ ගත රෝග සඳහාද රුධිර ගත කොලෙස්ටරෝල් පාලනයට, අක්මාව ඉදිමීම හා ප්ලිහාව ඉදිමීම පාලනය කරනවා වගේම සම ආශිත රෝග, හිසකෙස් ආශිත රෝග සඳහාද කෝමාරිකා යොදා ගනී.  ඒ වගේම කෝමාරිකා යුෂ හදවත් සෞඛ්‍යය ආරක්ෂා කිරිමෙහිලාද කටයුතු කරයි. 

 

කෝමාරිකා ශාකයේ අඩංගු ඖෂධීය ගුණයන් නිසා එය වයස්ගත වීම ප්‍රමාද කරවයි. එහි ඇති වෛරස් ප්‍රතිරෝධී ගුණය සම මත ක්‍රියාකර සම නැවුම්ව, රැලි රහිතව, ලිහිල්ව මෙන්ම දීප්තිමත්ව පවත්වා ගැනීමට උදව් වේ. 

 

ඔබ කෝමාරිකා බාහිර වශයෙන් භාවිතා කළහොත්, තුවාල වැස්ම සඳහා එය හොඳම විකල්පය ලෙස හදුන්වාදිය හැක. ලේ ගලන තුවාලයක් මත කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් එය වැස්මක් සේ ක්‍රියාකර ලේ ගැලීම ක්ෂණිකව නැවතීමට කටයුතු කරයි. 

 

 

රන්වන් පැහැති සමකට : කෝමාරිකා යුෂ එලකිරි සමඟ මිශ්‍ර කර ශරීරයේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න. 

 

කැළල් සඳහා : කෝමාරිකා යුෂ ආසාදිත ස්ථානයේ අලේප කර විනාඩි 30 කට පසු සෝදා හරින්න. 

 

හිසකෙස් වල කලු පැහැය ආරක්ෂා කර ගැනීමට : කෝමාරිකා මදය හිසකෙස් වල ආලේප කර විනාඩි 10 කට පසු ස්නානය කරන්න. 

 

කෙස් මෘදු කිරීමට :  කෝමාරිකා යුෂ මේස හැදි 3ක්, යෝගට් මේස හැදි 2ක්, ඔල්ව් තෙල් මේස හැදි 3 ක් එකට කලවම් කර කෙස් වල ආලේප කර විනාඩි 15 කට පසු ස්නානය කරන්න. 

 

දන්ත හා විදුරුමස් රෝග සඳහා : දත් බුරුසුව මත කෝමාරිකා යුෂ තවරා එයින් දත් මදින්න. 

 

ඉතින් ඔයාලා දැන් කෝමාරිකා වල ඇති ගුණ ගැන දැනුවත්නේ, මේ වටිනා ශාකය ඔයාගේ ගෙදර නැත්නම් පුළුවන් ඉක්මනට කෝමාරිකා පැළයක් හොයා ගෙන ගෙදර හිටව ගන්න. මොකද දවසක ඔයාලට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.  

 

Popular Posts

ගුණ සපිරි ගොරකා

ගුණ සපිරි ගොරකා

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

වතුර ගැන ඔබ දන්නේ මොනවාද.......

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

කැස්සට ගුණදෙන විස්මිත පානයක්

Recent Posts

රක්තහීනතාවයෙන්  මිදෙන්න

රක්තහීනතාවයෙන් මිදෙන්න

ඔබේ සමත් රැලි වැටිලද

ඔබේ සමත් රැලි වැටිලද

ආහාරවල ගුණ දැනගෙනම

ආහාරවල ගුණ දැනගෙනම

© 2025 Us. All Rights Reserved | Design by Us

© 2015 Coffee Break. All Rights Reserved | Design by W3layouts